Time & Date in Sri Lanka

Sunday, July 31, 2011

සිමෙන්ති මිල වැඩිකරන්න හැදුවොත් පාලන මිලක් ගේනවා

මෙරට පවතින සිමෙන්ති හිඟය මඟහැරවීම සඳහා කඩිනමින් පියවර ගන්නා බව සමූපකාර හා අභ්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

ලෝක වෙළඳපොලේ පවතින සිමෙන්ති හිඟය හේතුවෙන් මේ වන විට මෙරට ද සුළු සිමෙන්ති ‍හිඟයක් හට ගෙන ඇති බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

එහෙත් ඉදිරි සතිය ඇතුළත සිමෙන්ති තොගයක් මෙරටට ආනයනය කිරීමට මේ වන විටත් පියවර ගෙන ඇති බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. 

සිමෙන්ති මිල වැඩිකරන්න හැදුවොත් පාලන මිලක් ගේනවා

මෙරට පවතින සිමෙන්ති හිඟය මඟහැරවීම සඳහා කඩිනමින් පියවර ගන්නා බව සමූපකාර හා අභ්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

ලෝක වෙළඳපොලේ පවතින සිමෙන්ති හිඟය හේතුවෙන් මේ වන විට මෙරට ද සුළු සිමෙන්ති ‍හිඟයක් හට ගෙන ඇති බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

එහෙත් ඉදිරි සතිය ඇතුළත සිමෙන්ති තොගයක් මෙරටට ආනයනය කිරීමට මේ වන විටත් පියවර ගෙන ඇති බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත් සිමෙන්ති හිඟය මූලික කර ගනිමින් සිමෙන්ති මිලෙහි වැඩි කිරීමක් සිදු කිරීමට අවස්ථාව ලබා නොදෙන බව ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා අවධාරණය කළේය.

සිමෙන්ති මිල වැඩි කිරීමට වෙළඳුන් උත්සහ කළහොත් සිමෙන්ති සඳහා පාලන මිලක් ගෙන ඒමට ද කටයුතු කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය. 

Saturday, July 30, 2011

අනවසරයෙන් වැලි ගෙනගිය දසදෙනෙක් අත්අඩංගුවට

අනවසරයෙන් වැලි ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් දසදෙනෙකු පොතුවිල්, සියඹලාණ්ඩුව මාර්ගයේ තුනේ කණුව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්යය බලකායේ ආරුගම්බේ කඳවුරට අනුයුක්ත නිලධාරීන් පිරිසක් යතුරුපැදි සංචාරක රා‍ජකාරියේ යෙදී සිටියදී මෙම සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

වැලි ප්‍රවාහනය සඳහා යොදාගත් ට්‍රැක්ටර් රථ 3ක් ද විශේෂ කාර්යය බලකා නිලධාරීන් භාරයට ගෙන ඇත.

සැකකරුවන් සහ ට්‍රැක්ටර් රථ වැඩිදුර පරීක්ෂණ සඳහා පොතුවිල් පොලිස් ස්ථානය වෙත බාරකර ඇති බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කරයි. 

Thursday, July 28, 2011

බන්ධනාගාර නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරී‍ම -පරීක්ෂණ ඇරඹෙයි

සරත් ෆොන්සේකා මහතා කොළඹ පෞද්ගලික රෝහලකට රැගෙන ගිය අවස්ථාවේ දී බන්ධනාගාර නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරී‍මේ සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති බව කොළඹ අපරාධ කොට්ඨාශය කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ.

අදාළ බන්ධනාගාර නිලධාරීන් සිදුකළ පැමිණිල්ලකට අනුව පොලිසිය අධිකරණය හමුවේ ‍එම කරුණු වාර්තා කර ඇති බව සඳහන්ය.

සරත් ෆොන්සේකා මහතා රෝහලට රැගෙන ගිය අවස්ථාවේ කිහිලිකරුවකින් පැමිණි පුද්ගලයෙකු සහ කැමරාවක් අතින් ගත් පුද්ගලයෙකු තම රාජකාරියට බාධා කළ බව බන්ධනාගාර නිලධාරීන් පොලිසියට පැමිණිලි කර ඇත.

මේ පිළිබඳ පරීක්ෂණ සිදුකිරීම සඳහා ඊට අදාළ වීඩියෝ පට ලබාදෙන ලෙස නියෝගයක් පනවන ලෙස පොලිසිය අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබිණි.

ඒ අනුව එම වීඩියෝ පට ලබාදෙන ලෙස අදාළ අංශ වෙත අධිකරණය නියෝග කර ඇත. 

Tuesday, July 26, 2011

ටී.එන්.ඒ දේශපාලනඥයා ඊ.පී.ඩී.පී ආධාරකරුට පහරදීලා

යාපනය,වලිකාමම් උතුරු ප්‍රාදේශීය සභාවට තේරීපත් වූ ද්‍රවිඩ ජාතික සන්ධානයේ සජීවන් නමැති අය‍ගේ කණ්ඩායමක් තම ආධාරකරුවෙකුට පහර දී ඇතැයි ඊ.පී.ඩී.පී සංවිධානය පවසයි.

පසුගිය පළාත් පාලන මැතිවරණයේදී වලිකාමම් උතුරු ප්‍රාදේශීය සභාවට ඊ.පී.ඩී.පී සංවිධානය නියෝජනය කරමින් එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ තරගවැදුණු දයාපාලන් නමැති අපේක්ෂකයාගේ සොයුරෙකු වන චන්ද්‍රබාලන් නමැති අයට මෙම පහරදීම සිදුකර ඇති බව ඊ.පී.ඩී.පී විසින් නිකුත් කළ නිවේදනයක දැක්වේ.

අද යාපනය පන්නාලෙයි හි පවත්නා චන්ද්‍රබාලන්ගේ වෙළඳසැලට කඩාවැදුණු සජීවන් ඇතුළු තිදෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ඔහුට පහරදී වෙළඳසැලට දැඩි අලාභ හානි කර ඇති බව සඳහන් වේ.

එහිදී මෙසේ පහරදීමට පැමිණි ද්‍රවිඩ ජාතික සන්ධානයේ ප්‍රාදේශීය දේශපාලනඥයා ඇතුළු තිදෙනා ප්‍රදේශවාසීන් විසින් අල්ලා තෙල්ලිපලෙයි පොලීසියට භාරදී ඇති බවත්,තුවාල ලැබූ තම ආධාරකරු තෙල්ලිපලෙයි රෝහලට ඇතුළත් කළ බවත් ඊ.පී.ඩී.පී විසින් නිකුත් කළ නිවේදනයෙන් වැඩිදුරටත් පැවසෙයි. 

Saturday, July 23, 2011

මුලතිව් ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය 50% ඉක්මවයි

අද(23) පස්වරු 2 පමණ වනවිට මුලතිව් දිස්ත්‍රික්කයේ ඡන්ද ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය 58% ක් වූ බව එම දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී පත්තිනාදන් මහතා සඳහන් කළේය. 




VOTER TURNOUT IN MULLAITHIVU 58%

යාපනයේ ඡන්ද ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය 22.4% ක්

පළාත් පාලන ආයතන සඳහා වන ඡන්ද විමසීමේ දී අද(23) දහවල් 12 .45 පමණ වන විට යාපනය දිස්ත්‍රික්කයේ ඡන්ද විමසීමේ ප්‍රතිශතය 20% ඉක්මවා තිබුණි.

එය 22 .4% ක් ලෙස සටහන් ව ඇති බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරිනී එමිල්ඩා සුකුමාර් මහත්මිය සඳහන් කළාය.

කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන සඳහා වන ඡන්ද විමසීමේ කටයුතු වලදී අද පෙරවරු කාල‍යේ ඉතා උද්‍යොගයෙන් යුතුව ජනතාව ඡන්දය ප්‍රකාශ කළ බව  වාර්තාකරුවන් පවසයි.

දහවල් 12 වන විට එම දිස්ත්‍රික්කයේ ඡන්ද ප්‍රකාශ කිරීම 52% ක මට්ටමක පැවති බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරිනී රූපවතී කේදීෂ්වරන් මහත්මිය පැවසුවා..







VOTER TURNOUT IN JAFFNA 22.4%, KILINOCHCHI 52%

Wednesday, July 20, 2011

ඡන්ද ප්‍රකාශ කිරීම් රූගත කළ හැක්කේ තිදෙනෙකුගේ පමණයි

පළාත් පාලන ආයතන සඳහා පැවැත්වීමට නියමිත ඡන්ද විමසීමේ දී ඡන්ද ප්‍රකාශ කිරීම රූගත කළ හැක්කේ ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ විපක්ෂ නායකවරයා යන පුද්ගලයින්ගේ පමණක් බව මැතිවරණ කොමසාරිස්වරයා අවධාරණය කරයි. 

මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා කියා සිටියේ ඊට පරිබාහිර පුද්ගලයින්ගේ ඡන්ද ප්‍රකාශ කිරීම් කිසියම් මාධ්‍ය ආයතනයක් විසින් ප්‍රචාරය කර තිබුණ හොත් අදාළ ඡන්ද මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ ස්ථානාධිපතිවරයාගේ ගෙවීම් කප්පාදු කිරීමට පියවර ගන්නා බවයි. 

ඊට අමතරව එම ස්ථානාධිපතිවරයා ‍මින් ඉදිරියට මැතිවරණ කටයුතු සඳහා යොදා නොගැනීමට ද තීරණය කර ඇතැයි දේශප්‍රිය මහතා සඳහන් කළේය. 

මාධ්‍ය ආයතන ප්‍රධානීන් දැනුවත් කිරීම සඳහා අද පැවති හමුවක දී කොමසාරිස්වරයා වැඩිදුරටත් සඳහන්කියා සිටියේ තම දෙපාර්තමේන්තුවට සම්බන්ධ නිලධාරීන් මැතිවරණ නීතිය උල්ලංඝණය වන ආකාරයේ කිසියම් කටයුත්තක නියැලුණහොත් තමා තනතුරෙන් ඉල්ලා අස්වන බවයි. 

Tuesday, July 19, 2011

මොණරාගල පෝස්ටර් ගැලවෙයි


මෙවර පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන මොණරාගල දිස්ත්‍රික්යේ මැතිවරණය සඳහා යොදා ගත් දැන්වීම් පුවරු සහ පෝස්ටර් ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.

මොණරාගල මූලස්ථාන පොලිසිය සහ සියඹලාණ්ඩුව පොලිස් ස්ථාන ඒකාබද්ධව ඒ සදහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබූ බවට වාර්තා විය.

මොණරාගල සහ සියඹලාණ්ඩුව යන බල ප්‍රදේශ වල මැතිවරණය පැවැත්වීමට නියමිත අතර අද දිනය අවසන් වීමට ප්‍රථම සියලු කටවුට් , බැනර් සහ පෝස්ටර් ඉවත් කරන බව මොණරාගල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්.එම් කළණසිරි මහතා සඳහන් කළේය.

ඉදිරි පළාත් පලාන මැතිවරණයට අදාළව සියලු ආකාරයේ ප්‍රචාරක කටයුතු හෙට මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිතය. 


Monday, July 18, 2011

බොරු ප්‍රචාරවලට රැවටෙන්න එපා-ජනපති යාපනයේ ජනයාට කියයි

බොරු ප්‍රචාරවලට නොරැවටී රට ඉදිරියට ගෙනයාමේ වගකීම නිසි ලෙස ඉටුකළ යුතු කාලය එළඹ ඇති බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඇතැමුන් බොරු ප්‍රචාර ගෙනයමින් ජනතාව නොමග යවමින් සිටින බව ජනාධිපතිවරයා කියා සිටියේ අද(18) පස්වරුවේ යාපනයේ කයිට්ස් හි වෙල්ලනෙයි ක්‍රීඩාංගණයේ පැවැති ජනහමුවක් ආමන්ත්‍රණය කරමිනි. 

යාපනය ප්‍රදේශයේ ජනතාව නොමග යවන ඇතැමුන් ගේ දරුවන් විදේශ රටවල සුවසේ ජීවත්වන බවත්,රට ගැන හැඟීමක් ඇත්තේ මෙරට සිටින සහෝදර ජනතාවට පමණක් බවත් ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය. 

මෙවර පළාත් පාලන මැතිවරණයේදී මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයට අදාළව යාපනය හා කිලිනොච්චි දිස්ත්‍රීක්ක ආවරණය වන පරිදි පැවැත්වෙන ජනහමු මාලාවක පළමු ජන හමුවට සහභාගීවෙමින් ජනාධිපතිවරයා මෙම කරුණු සඳහන් කළේය. 

පළාත් පාලන මැතිවරණයේ අති බහුතරයක් පළාත් පාලන ආයතනවල බලය පවතින්නේ වත්මන් රජයට බව සිහිපත් කළ මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ 2/3ක බලයක් පවතින,විධායක ජනාධිපතිවරයෙකු අයිතිවන ශක්තිමත් රජයකට සහය ලබාදීම වැදගත් බව පෙන්වාදුන්නේය. 

තමන් ජනතාවගේ මිත්‍රයෙකු වන බවත්,ඥාතියෙකු වන බවත් කියන දේ කරන,කරන දේ කියන නායකයෙකු බවත්,සියලුදෙනා එක්වී මේ රට ගොඩනැඟිය යුතු බවත් ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළේය. 

යුද්ධයෙන් පසුව උතුරු නැගෙනහිර ප්‍රදේශවල සිදුකෙරෙමින් පවත්නා සංවර්ධනය පිළිබඳ ජනාධිපතිවරයා ද්‍රවිඩ භාෂාවෙන් කරුණු පැහැදිලිකිරීම් කළ බව අද දෙරණ වාර්තාකරු සඳහන් කරයි.




DON’T BE MISLED BY FALSE STATEMENTS, PRESIDENT SAYS IN KAYTS





Saturday, July 16, 2011

ඉන්දු -ලංකා නෞකා සේවය සරණාගතයින්ගේ නැවත පැමිණීම කඩිනම් කරයි

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර මෑතකදී යළි ආරම්භ කෙරුණු නෞකා සේවය ඉන්දියාවේ රැදී සිටින ශ්‍රී ලාංකික සරණාගතයින් මෙරටට පැමිණීම කඩිනම් කිරීමට හේතුවක් වනු ඇතැයි එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලයේ නියෝජිතයෙකු පවසයි. 

ඉන්දියාවේ රැදී සිටින ශ්‍රී ලාංකිකයින් මෙරටට පැමිණීමේ ක්‍රමික වර්ධනයක් දැකිය හැකි බව එම කොමසාරිස් කාර්යාලයේ මෙරට නියෝජිත මයිකල් ස්වැක් පෙන්වාදෙයි. 

ඉදිරි හය මස තුළ එය තවදුරටත් ඉහළ යනු ඇති බවට ඔහු විශ්වාසය පළ කරයි. 

වසර 20 ට පසුව තූත්තුකුඩි සහ කොළඹ වරාය අතර අදාළ නෞකා සේවය ඉකුත් ජූලි මස ආරම්භ කෙරුණි. 

එක්සත් ජාතීන්ගේ වාර්තාවලට අනුව ශ්‍රී ලාංකික සරණාගතයින් එක් ලක්ෂ 41,000 ක් පමණ විදේශ රටවල රැදී සිටින අතර ඉන් බහුතරය ඉන්දියාවේ රැදී සිටින බව සඳහන්ය. 

Thursday, July 14, 2011

GOOGLE + වලින් ලංකාව 3 වෙනි තැන


findpeopleonplus වෙබ් අඩවියේ දත්ත වාර්තාවලට අනුව ශ්‍රී ලංකාව ඇතුලු දකුණු ආසියාතික රටවල් 3 ක්ම වැඩිම Google Plus සාමාජිකයින් සිටින රටවල් 5 අතරට එකතුව තිබෙනවා. සාමාජිකයින් 150 000 ක් පමණ සිටින ඇමරිකා එක්සත් ජනපදය වැඩිම Google Plus සාමාජිකයින් සිටින රට වන අතර සාමාජිකයින් 18 000 ක් පමණ සිටින ඉන්දියාව දෙවන ස්ථානය හිමිකරගෙන සිටිනවා. 15 000 කට ආසන්න සංඛ්‍යාවක් සාමාජිකත්වය හිමි ශ්‍රී ලංකාව තෙවැනි ස්ථානයේ හිමිකරගෙන සිටී.
Google Plus නවතම සමාජ වෙබ් අඩවිය ඉතා වේගයෙන් ශ්‍රී ලංකාව තුල ජනප්‍රියත්වයට පත්වුනා. තවමත්මෙ‍ම සේවාව නිල වශයෙන් අන්තර්ජාලයට නිකුත් කර නැතත් අත්හදාබැලීමේ සංස්කරණයක් ලෙසින් භාවිත කල හැක. ඒ සඳහා දැනට Google Plus භාවිතකරන මිතුරෙකුගෙන් අරාධනාවක් ලැබිය යුතුය.


Tuesday, July 12, 2011

විදුලිය කප්පාදු නෑ..!හදිසි බිඳවැටීම් දහසකට අධිකයි..!පාඩුව බිලියන 16 ට වැඩියි..!

මේ වසර තුළ විදුලිබල මණ්ඩලයේ බිලියන 16 ක පමණ පාඩුවක් බලාපොරොත්තු විය හැකි බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි. 

පසුගිය දිනවල සිදුවූ විදුලි විසන්ධි කිරීම් නිසා මෙම පාඩුව තවත් වැඩිවිය හැකි බවත්, විදුලි කප්පාදු කිරීමක් සිදු නොකළක් හදිසි විසන්ධි කිරිම් සිදුවූ බවත්,ඒ බව කලින් දැනුම් නොදුන්නේ එකී විසන්ධි කිරීම් දිගු කාලීන නොවන නිසා බැවින් යයි හෙතෙම කියා සිටියේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය. 

මේවන විටත් එවැනි විදුලි කප්පාදු කිරීමක් සිදුනොවන බවත්,අවශ්‍ය වුවහොත් ඒ බව කලින් දැනුම්දීමක් කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය. 

එසේ වුවද ගස් කඩාවැටීම්,සතුන් ගේ ක්‍රියාවන්,ට්‍රාන්ස් පෝමර් ගැටලු ආදිය නිසා දිනකට හදිසි විදුලි බිඳවැටීම් දහසකට අධික වාරයක් සිදුවිය හැකි බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. 

රාත්‍රී 6.30-9.30 දක්වා පැය 3 ක කාලය තුළ වැඩි වශයෙන් විදුලි පරිභෝජනයක් සිදුවන බැවින් එකී කාලය තුළ විදුලිය අරපිරිමැස්මෙන් යුතුව පරිහරණය කළ යුතු බවත්,කවුරු කාටුන් ඇන්දත් මඩ ප්‍රහාර එල්ල කළත් යළි විදුලිය කප්පාදු කිරීමක් සිදුනොවන බවත් චම්පික රණවක මහතා අවධාරණය කළේය. 

Monday, July 11, 2011

ගාල්ල බස් නැවතුම්පළ ජනපති අතින් අද විවෘතයි

අලුතින් ඉදිකළ ගාල්ල බස් නැවතුම්පළ අද පෙරවරුවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් විවෘත කෙරෙන බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි. 

මිලියන 405 ක වියදමකින් ඉදිකරන ලද මෙම බස් නැවතුම්පළ ශ්‍රී ලංකාවේ දිගම බස් නැවතුම්පළ ලෙස සැලකෙයි. 

මීට අමතරව ගාල්ල බස් නැවතුම්පළ හා දුම්රිය නැවතුම්පළ යා කළ ගුවන්පාලමද අද ජනතා අයිතියට පැවරීමට නියමිත අතර ආර්ථික සංවර්ධන අමාත්‍යංශය විසින් මෙම සංවර්ධන ව්‍යාපෘති දියත් කර තිබේ. 


ගාල්ල බස් නැවතුම්පළ හා දුම්රිය නැවතුම්පළ යා කළ ගුවන්පාලම, මෙරට ප්‍රථම බස් නැවතුම්පළක්  හා දුම්රිය නැවතුම්පළක් යා කළ ගුවන්පාලම වේ...




PRESIDENT OPENS NEW GALLE BUS STAND


Sunday, July 10, 2011

නොරොච්චෝලේ යළි පණගසයි

නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ පරීක්ෂණ ක්‍රියාකාරීත්වය අද අලුයම සිට නැවත වරක් ආරම්භ කර තිබේ. 

විදුලි බල හා බල ශක්ති අමාත්‍යාංශ ලේකම් එම්.එම්.සී ෆර්ඩිනැන්ඩු මහතා කියා සිටියේ ඒ අනුව ජාතික විදුලි බල පද්ධතියට අද දිනයේ සිට මෙගා වොට් 150ක ධාරිතාවක් එක් වන බවයි. 

බලාගාරයේ යන්ත්‍රයක සිදු වූ කාර්මික දෝෂයක් හේතුවෙන් පරීක්ෂණ ක්‍රියාකාරීත්ව තාවකාලිකව නතර කර තිබුණි. 

ඒ අනුව සති 4ක කාලයක් මෙම පරීක්ෂණ ක්‍රියාකාරීත්වය සිදු කරන අතර හෙට දිනයේ සිට මෙ‍ගා වොට් 300ක ධාරිතාවක් ජාතික විදුලි බල පද්ධතියට මෙම බලාගාරයෙන් එක් කෙරෙන බව අමාත්‍යාංශ ලේකම් එම්.එම්.සී ෆර්ඩිනැන්ඩු මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Saturday, July 9, 2011

කොමිසමේ වාර්තාවෙන් නිවැරදි තොරතුරු ලැබෙතැයි විශ්වාස කරනවා

හිටපු විදේශ අමාත්‍ය ලක්ෂ්මන් කදිර්ගාමර් මහතා සෑම අවස්ථාවකදීම සියලුම ජාතීන්ට සාමයෙන් හා සමගියෙන් ජීවත්විය හැකි ඒකීය ශ්‍රී ලංකාවක් අපේක්ෂා කළ බව එංගලන්තයේ රාජ්‍ය ආරක්ෂක ලේකම් ලියම් ෆොක්ස් මහතා පවසයි. 

‍ අද(09) පස්වරුවේ ශ්‍රී ලංකා පදනම් ආයතන ශ්‍රවණාගාරයේ පැවති ලක්ෂ්මන් කදිරගාමර් අනුස්මරණ දේශනයේදී ඒ මහතා මේ බව සඳහන් කළේය. 

‍ උගත් පාඩම් හා ප්‍රතිසන්ධානය පිළිබඳ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාව තුළින් ශ්‍රී ලංකාවේ සිදුවූ බව කියන සිදුවීම් සම්බන්ධව නිවැරදි තොරතුරු ඉදිරිපත් වනු ඇති බව තමන් විශ්වාස කරන බව ඔහු කියා සිටියේය. 

‍ එමෙන්ම ඒ තුළින් ලක්ෂ්මන් කදිරගාමර් මහතා අපේක්ෂා කළ දෙය ශ්‍රී ලංකාව තුළ ගොඩනැගීමට අවස්ථාව ලැබෙනු ඇති බව ද වැඩිදුරටත් අදහස් දක්වමින් ලියම් ෆොක්ස් මහතා ප්‍රකාශ කළේය. 

Friday, July 8, 2011

අවසර නැති කොළඹ දැන්වීම් පුවරු වහා ඉවතට

අනුමැතියකින් තොරව කොළඹ නගරය තුළ ප්‍රදර්ශනය කර ඇති දැන්වීම් පුවරු වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට තීරණය කර තිබේ.

කොළඹ නාගරික කොමසාරිස් භද්‍රානි ජයවර්ධන මහත්මිය මීට අදාළ උපදෙස් ලබාදී ඇති බව වාර්තා වේ.

කොළඹ මහ නගර සභා සීමාව තුළ විශාල ප්‍ර‍මාණයේ අනවසර දැන්වීම් පුවරු පන්සීයක් පමණ ඇති බවට ගණන් බලා ඇත.

එම පුවරු පසුගිය 30 වැනි දිනට පෙර ගලවා ඉවත් කරන ලෙස මීට පෙර අදාළ සමාගම් වෙත දැනුම් දී තිබුණි. 



UNPERMITTED BILLBOARDS IN COLOMBO TO COME DOWN

Wednesday, July 6, 2011

දැන්වීම්වල සිල්ලර මිල ලකුණු නොකළ ආයතන 40 ට නඩු

පුවත්පත්වල දැන්වීම් පළකිරීමේ දී භාණ්ඩවල සිල්ලර මිල සඳහන් කළ යුතු බවට වු නියෝගය උල්ලංඝණය කළ ආයතන 40 ට එරෙහිව නීති මගින් ක්‍රියා කර ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

ශීතකරණ , යතුරු පැදි , ඖෂධ වර්ග , රථ වාහන ඇතුළු භාණ්ඩ අලෙවිය සම්බන්ධ වෙළෙඳ දැන්වීම් ප්‍රදර්ශනයේ දී මිල සඳහන් නොකිරීම හේතුවෙන් මෙම පියවර ගෙන තිබේ.

මේ වසරේ ජනවාරි මාසයේ සිට අදාළ නීති ක්‍රියාත්මක කිරීමට සමූපකාර හා අභ්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

ඉදිරියේදී ද එම නීති උල්ලංඝණය කරන පුද්ගලයන්ට එරෙහිව කටයුතු කරන බවද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළේය. 

Monday, July 4, 2011

කරූ සාක්ෂි දීම අරඹද්දී විදුලිය විසන්ධි වෙයි

විදුලි බලය ඇන හිටීම නිසා සුදු කොඩි ප්‍රකාශය පිළිබඳ නඩු විභාගය හෙට(05) දිනට කල් තැබීමට කොළඹ මහාධිකරණය අද(04) තීන්දු කර තිබේ. 


එම නඩුව අද කැඳවූ අවස්ථාවේ දී විත්තිය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කරූ ජයසූරිය මහතා සාක්ෂී දීම ආරම්භ කළ අතර එම අවස්ථාවේ විදුලිය විසන්ධි වීම සිදුවිය. 

රුපියල් ලක්ෂයක් වැය කොට වාහන නැවැත්වීමේ අංගනයක් සකස් කරද්දී මෙවැනි මූලික අවශ්‍යතා පිළිබඳ අවධානය යොමු නොකිරීම කණගාටුදායක බව මේ ආකාරයෙන් වරින් වර විදුලි බලය විසන්ධි වීම පිළිබඳ චෝදනා එල්ල කළ විනිසුරු ඩබ්ලිව්.එම්.ජී.බී වරාවැව මහතා කියා සි‍ටියේය.

මේ හේතුවෙන් විනිසුරුවරු මෙන්ම ජනතාව ද අපහසුතාවට පත්වන බවත් මේ සම්බන්ධයෙන් බලධාරීන්ගේ අවධානය යොමු කිරීම ඉතා වැදගත් බවත් විනිසුරුවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

ඒ අනුව නඩු විභාගය හෙට දිනට කල් තැබුණු අතර හෙට දින කරු ජයසූරිය මහතා වැඩිදුරටත් සාක්ෂි දීමට නියමිතය.

Sunday, July 3, 2011

යාපන අර්ධද්වීපයේ නැවත පදිංචි කිරීම් සම්පූර්ණයි

යාපනය අර්ධද්වීපය තුළ සිදුකළ යුතුව තිබූ නැවත පදිංචි කිරීමේ කටයුතු මේවන විට සම්පූර්ණ කර ඇති වග යාපනය ආරක්ෂක ආඥාපති මේජර් ජෙනරාල් මහින්ද හතුරුසිංහ මහතා පවසයි.

අද(03)කෙවිල්,මුල්ලියාන්,වෙප්තිලකේණි යන ප්‍රදේශවල පවුල් 325 ක් නැවත පදිංචි කිරීම තුළින් යාපන අර්ධද්වීපයේ නැවත පදිංචි කිරීමේ කටයුතු නිමා වූ බව හෙතෙම කියා සිටියේය.

ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද දවසේ මෙම නැවත පදිංචි කිරීමේ කටයුතු සිදුකෙරුණු බව අද දෙරණ වාර්තාකරු සඳහන් කරයි. 

මග හිට්ටොත් බලධාරීන්ට කියන්නැයි ඇමති සුසිල් ඉල්ලයි

පෙට්‍රල් භාවිතය නිසා යම් කිසි වාහනයකට ආපදාවක් සිදුවී ඇත්නම් හෝ පෙට්‍රල් යථා තත්ත්වයෙන් නොපවතීනම් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ අලෙවි අංශයට ඒ බව දැනුම්දෙන්නැයි ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා ඉල්ලා ඇතැයි ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍යංශය පවසයි.

ඒ අනුව දුරකථන අංක 0115664941,5666328,5665082 යන යන අංක මගින් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ අලෙවි අංශය ඇමතිය හැකි බව අමාත්‍යංශය කියා සිටියි.

පෙට්‍රල් භාවිතය නිසා සිදුවන බව කියන ආපාදාවන් පිළිබඳ එකී පැමිණිලි අනුව වැඩිදුර පරීක්ෂණ කටයුතු මෙහෙයවන ලෙස අමාත්‍යවරයා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට උපදෙස් ලබා දී තිබේ. 



Petrol Problem in Sri Lanka

Saturday, July 2, 2011

අයඩින් ප්‍රමිතියට නැත්නම් දැඩි ක්‍රියාමාර්ග ගන්නවා

වෙළ‍ඳපොළේ තිබෙන ලුණුවල අයඩින් නිසි ප්‍රමිතියට නොතිබුණහොත් ඒ සම්බන්ධයෙන් ලුණු නිෂ්පාදකයින්ට සහ අලෙවිකරුවන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ලුණුවල අයඩින් ප්‍රමාණය 15% ත් 30% ත් අතර ප්‍රමාණයක් තිබිය යුතු බව එම අමාත්‍යාංශය සඳහන් කරයි.

ලුණු නිෂ්පාදන සමාගම් හිමියන් සමග පසුගියදා සිදුකළ සාකච්ඡාවේදී සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් මෙම උපදෙස් ලබා දී තිබේ.

දැනට ශ්‍රී ලංකාවේ අයඩින් ඌනතාවය බහුල වශයෙන් දක්නට‍ ලැබෙන අතර ඒ හේතුවෙන් සෑම පුද්ගලයෙකුටම අයඩින් ලබාගත හැකි වන පරිදි ලුණුවලට අයඩින් මිශ්‍ර කිරීම සිදුකළ යුතු බව අමාත්‍යවරයා එහිදී ලුණු නිෂ්පාදකයන්ට දැනුම් දී ඇත. 

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More