මාතලේ නගරයේ පාසලක පිරිමි ළමුන් දෙදෙනෙකුට ලිංගික අතවර කළ බවට සැකපිට අළුවිහාර ප්‍රදේශයේ පාසල් ගුරුවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
සිද්ධියට සම්බන්ධ බව කියන රජයේ නිලධාරියෙකු ද අත් අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ආරම්භ කර ඇති බව මාතලේ මූලස්ථාන පොලිසිය පවසයි.
වෙස් නැටුමකට සහභාගී වීමට යැයි පවසා අදාළ රජයේ නිලධාරියාගේ නිල රථයෙන් එම ළමුන් දෙදෙනා රැගෙන ගොස් ඇති බවට පරීක්ෂණ වලදී අනාවරණය වී තිබේ.
සිද්ධියට සම්බන්ධ පාසල් ගුරුවරයාට ප්‍රදේශවාසීන් විසින් පහරදී ඇති අතර රෝහල්ගත කිරීමෙන් පසුව ඔහු රෝහලෙන් පැනගොස් සිටියදී පොලිස් අත් අඩංගුවට පත්ව ඇත.
මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී මාතලේ ප්‍රාදේශීය ලේකම්වරයා සඳහන් කර සිටියේ අදාළ ළමුන් දෙදෙනා තම රථයෙන් රැගෙන ගිය ද අතවරයට ලක්වීමේ සිදුවීමක් සම්බන්ධයෙන් තමා කිසිවක් නොදන්නා බවයි.
0 comments:
Post a Comment