Time & Date in Sri Lanka

Saturday, October 31, 2009

තරුණයෙකුට නීතිවිරෝධී ලෙස පහර දෙමින් දියේ ගිලීමට සැලැස්වූ පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගැනේ

බම්බලපිටිය මුහුදේ දී තරුණයෙකුට නීතිවිරෝධී ලෙස පහර දෙමින් ඔහුව දියේ ගිලීමට සැලැස්වූ පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර මෙම සිදුවීම රූපවාහිනී මාධ්‍ය ආයතනයක් විසින් විඩීයෝගත කර ඇතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.


ගාල්ල සිනමා උළෙල දෙසැම්බර් 2 සිට 6 දක්වා

විමුක්ති ජයසුන්දරගේ “අහසින් වැටෙයි” හා නන්දිතා දාස් ගේ “ෆයිරාක්” ද අන්තර්ගත වූ ගාල්ල, සිනමා උළෙල දෙවන වරට දෙසැම්බර් 2 සිට 6 දක්වා පැවැත්වෙන බව රජයේ තොරතුරු දෙපාර්තමේතුව පවසයි


Sunday, October 11, 2009

එ.ජ.නි.ස. දකුණ ජයගනී

ඊයේ (10) වන දින පැවති දකුණු පළාත් සභා මැතිවරණය විශිෂ්ඨ ලෙස ජයග්‍රහණය කරමින් පෙරමුණ ගැනීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය සමත් වී සිටියි.

දකුණු පළාත් සභා සමස්ථ ඡන්ද ප්‍රතිඵලය
එ.ජ.නි.ස. – 804,071 (67.88%) – ආසන (38)
එ.ජා.ප. – 297,180 (25.09%) – ආසන (14)
ජ.වි.පෙ. – 72,379 – ආසන (3)

රජයේ ප්‍රවත්ති දෙපාර්තමේන්තුව


ගාල්ල දිස්ත්‍රික්කයෙන් එ.ජ.නි.ස. ට විශිෂ්ඨ ජයක්

දකුණු පළාත් සභා මැතිවරණයේ ගාල්ල දිස්ත්‍රික්කයේ පෙරමුණ ගැනීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය සමත් වී ඇත.
ගාල්ල දිස්ත්‍රික්කයේ සමස්ථ ඡන්ද ප්‍රතිඵලය
එ.ජ.නි.ස. – 354,000 (68.34%) -ආසන -16
එ.ජා.ප – 140,175 (27.06% -ආසන -6
ජ.වි.පෙ – 19,958 (3.85%) – ආසන -1
රජයේ තොරතුරු දෙපාර්තමේන්තුව


නිකුත් වුනා

අද දින සිට Share Blogs සිංහළ සේවය නිළ වශයෙන් ආරම්භ කලේ ලක් වාසි සැමට සිංහලෙන් පුවත් දැනගැනී‍‍‍මේ හැකියාව තවන් පුලුල් කිරීමේ අරමුණ ඇතිවයි