Time & Date in Sri Lanka

Saturday, October 22, 2011

මිනීමරුවන්ට මංකොල්ලකරුවන්ට මගේ ‍ගේට්ටුව වැහිලා

උණ්ඩය,බෝම්බය,කඩුව, කිණිස්ස රජ කරවන යුගයක් අද වන විට උදා වී ඇති බව එ.ජා.ප නියෝජ්‍ය නායක,පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

මේ තත්ත්වයට වගකිව යුත්තේ දේශපාලනඥයින් බව මන්ත්‍රීවරයා කියා සිටියේ අද පංචිකාවත්ත ශ්‍රී දේවි කරුමාරියම්මන් කෝවිලට ධන පරිත්‍යාගයක් කිරීමේන් අනතුරුව රැස්ව සිටි පිරිස අමතමිනි.

ටී.පනස් හයක්,ග්‍රේනේඩ් එකක් අරන් ජනතාව බිය ගන්වන අය තමන් මහා බලගතු දේශපාලනයක් කරන බව සිතා සිටින බව ප්‍රේමදාස මහතා පෙන්වා දුන්නේය.

දේශපාලනය කිරීම යනු දේශය පාලනය කිරීම පමණක් නොවන බවත්,දේශයට සේවය කිරීමත් එයින් අදහස් කෙරෙන බවත් හෙතෙම සඳහන් කළේය.

ඡන්දය ලබාගැනීම සඳහා සුජාත පුත්‍රයින් හා දියණියන් සේ ජනතාව අතරට යන අය රාජ්‍ය බලය නමැති හැන්ද තමන් අතට ලැබුණු පසු තමන් බලයට පත් කළ ජනතාවටම එරෙහිව උණ්ඩය පාවිච්චි කරන බව ප්‍රේමදාස මහතා පැවසීය.

තමන්ගේ වීරවිල නිවසේ ගේට්ටුවේ සවි කළ පුවරුවකින් මිනීමරුවන්ට,මංකොල්ලකාරයින්ට උදව් නොකරන බැවින් පැමිණීමෙන් වළකින ලෙස දන්වා ඇති බවත්,එසේ වුවද සාමාන්‍ය ජනයාට ඕනම මොහොතක තමන් හමුවීමට ඉඩ ප්‍රස්ථාව ඇති බවත් සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කළේය.

Saturday, October 8, 2011

මුල්ලේරියාවට පොලිස් ඇඳිරි නීතිය පනවයි

අද(08) පස්වරු 3 .30 ට පමණ මුල්ලේරියාව පොලිස් වසමේ සිදුවූ වෙඩි තැබීමක් හේතුකොට ගෙන මුල්ලේරියාව පොලිස් බල ප‍්‍රදේශය තුළ පමණක් වහාම ක‍්‍රියාත්මක වන පරිදි පොලිස් ඇඳිරි නීතිය පනවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක මැක්සි ප්‍රොක්ටර් මහතා පවසයි.

මෙම ඇඳිරි නීතිය 2011.10.09 දින පෙරවරු 6 .00 ට අවසන් වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

සාමකාමීව හැසිරීමෙන් නීතිය සහ සාමය ආරක්ෂා කිරීමට පොලීසියට සහාය වන ලෙස ද මැක්සි ප්‍රොක්ටර් මහතා ප‍්‍රදේශයේ ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Thursday, October 6, 2011

ස්ටීව් ජොබ්ස්ගේ දායකත්වය අගය කළ යුතුයි -ජනපති [1955-2011]

සියලුදෙනා විසින්ම ස්ටීව් ජොබ්ස්ගේ දායකත්වය මහත් සේ අගය කළ යුතු බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

‍ ඇපල් සන්නාමය ලොවට හඳුන්වා දුන් ස්ටීව් ජොබ්ස්ගේ මරණය පිළිබඳව ශෝකය පළකරමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළ බව ජනාධිපති මාධ්‍ය ඒකකයේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ප්‍රකාශ කළේය.

‍ 56 වන වියෙහි පසු වූ ස්ටීවී ජොබ්ස් ඊයේ(05) දිනයේ දී ජීවිතක්ෂයට පත්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනු ලැබීය.

ඇපල් සන්නාමය ලොවට හඳුන්වාදෙමින් දුරකථන ලෝකයට නව තාක්ෂණයක් හඳුන්වා දීමට මොහුට හැකිවිය.

2004 වසරේ සිට ස්ටීව් ජොබ්ස් පිළිකා රෝගයකින් පෙළුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඇපල් දුරකථන ජාලයට නව දුරකථන මාදිලියක් හඳුන්වා දී දිනයක් ඇතුළත මොහු මියයාම ද විශේෂත්වයක් වේ.

Sunday, October 2, 2011

මෙරටින් ස්වභාවික ගෑස් නිධියක් හමුවූ බව ජනපති කියයි

ශ්‍රී ලංකාවෙන් ප්‍රථමවරට ස්වභාවික ගෑස් නිධියක් හමුවී ඇති බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් අද(02) නිවේදනය කර ඇති බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.