Time & Date in Sri Lanka

Wednesday, March 30, 2011

නැගෙනහිරට ලබන වසර වන විට 100% ක් එළිය දෙන්න සූදානම්

නැගෙනහිර පළාතට නව විදුලි ව්‍යාපෘති 374ක්, විදුලි දිගු 1865ක් ක්‍රියාත්මක කිරීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය තීරණය කර තිබේ.

විදුලිබල හා බල ශක්ති අමාත්‍යංශය නිකුත් කළ නිවේදනකයක මේ බව සඳහන් වේ.

එකී නිවේදනය පහත පරිදිය.

කුරිරු ත‍්‍රස්තවාදයෙන් මුළු දිවයිනම වෙලාගත් අඳුරු යුගය අවසන් වීමත් සමගින් සමස්ත දිවයිනම විදුලියෙන් ඒකාලෝක කිරීමේ අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ විදුලමු ලංකා සංකල්පයට අනුව යමින් නැගෙනහිර පළාතේ තවමත් විදුලිය නොලැබූ ග‍්‍රාමීය ජනතාව වෙනුවෙන් නව විදුලි ව්‍යාපෘති 374ක් සහ විදුලි දිගු 1865ක් ඇරඹීමට විෂයභාර අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ අවධානය යොමුවී තිබේ.

ඒ අනුව ත‍්‍රීකුණාමලය දිස්ත‍්‍රික්කය සඳහා විදුලි ව්‍යාපෘති 127ක් සහ විදුලි දිගු 710ක් ඇරඹීමට සැලසුම් කර ඇත. සමස්ත දිස්ත‍්‍රික්කයම ආවරණය වන පරිද්දෙන් මෙතෙක් විදුලිය පහසුකම් නොලැබූ ජනතාව ඉලක්ක කරගනිමින් මෙම විදුලි ව්‍යාපෘති සහ විදුලි දිගු ස්ථාපිත කිරීමට අමාත්‍යවරයා අදාල අංශ දැනුවත් කර තිබේ.

නැගෙනහිර පළාත ඉලක්ක කරගනිමින් මඩකළපුව දිස්ත‍්‍රික්කයටද නව විදුලි ව්‍යාපෘති 111ක් සහ විදුලි දිගු 366ක් ලබාදීමට අමාත්‍ය රණවක මහතා සැලසුම් කර තිබේ. මෙම ත‍්‍රීකුණාමලය සහ මඩකලපුව දිස්ත‍්‍රික්කයන්හි විදුලි සංවර්ධනය වෙනුවෙන් චීන එක්සිම් බැංකු ණය ආධාර යටතේ ඇමරිකානු ඩොලර් මිලියන 60ක මුදලක් වෙන්කර තිබේ.

මීට අමතරව අම්පාර දිස්ත‍්‍රික්කයේ මේ වනවිටත් විදුලිය පහසුකම් නොලැබූ ග‍්‍රාමීය ජනතාව වෙනුවෙන් නව විදුලි ව්‍යාපෘති 136ක් සහ විදුලි දිගු 789ක් ඉදිකිරීමට අමාත්‍ය රණවක මහතා අදාළ අංශ වෙත උපදෙස් ලබාදී ඇත. මෙම ව්‍යාපෘතීන් වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 20ක මුදලක් වැයවෙනු ඇතැයි ඇස්තමේන්තු කර ඇති අතර ඒ සඳහා මූල්‍ය පහසුකම් සපයනු ලබන්නේ ආසියානු සංවර්ධන බැංකුව මගිනි.

මේ අනුව ලබන වසර තුළදී නැගෙනහිර පළාත විදුලියනය 100%ක් දක්වා වර්ධනය වූ පළාතක් වනු ඇතැයි විදුලිබල අමාත්‍යාංශය අවධාරණය කරයි.

gf106226362106

Saturday, March 26, 2011

රවී ගමන්ගත් රථය ගාල්ලේදී අනතුරට ලක්වෙයි

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා ගමන් ගත් මෝටර් රථය අද(26) පස්වරුවෙහි ගාල්ල, ඉඳුරුව, කයිකාවල ප්‍රදේශයේදී අනතුරට ලක්ව තිබේ.

ගාල්ල එක්සත් ජාතික පක්ෂ බල මණ්ඩලයට සහභාගි වී නැවත පැමිණෙමින් සිටියදී මෙම අනතුර සිදුවූ බව රවී කරුණානායක මහතා ප්‍රකාශ කළේය.

කුඩා ළමයෙකු පාර මාරුවීමට තැත්කළ නිසා එකවරම රථය නැවැත්වීමට යාමේදී තමන් ගමන් කරමින් සිටි ලෑන්ඩ් කෘෂර් රථය මාර්ගයෙන් ඉවතට පෙරළුණු බව ඒ මහතා සඳහන් කළේය.

නමුත් මෙම අනතුර නිසා තමන් හෝ වෙනත් කිසිදු අයෙකුට තුවාල ලැබීමක් සිදු නොවූ බව ද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

Monday, March 21, 2011

හොර වෙදුන් වැටලීමට විශේෂ වැඩපිළිවෙළක්

දිවයිනේ විවිධ ප්‍රදේශ වල වෛද්‍ය වෘත්තීය මුවාවෙන් කේෂ්ත්‍රයේ නියැලී සිටින ව්‍යාජ පුද්ගලයින් වැටලීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙස සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා බලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

වෛද්‍ය වෘත්තීය මුවාවෙන් මෙරට තුළ ව්‍යාජ වෛද්‍යවරුන් 7000 ක් පමණ සිටින බවට මේ වන විට‍ තොරතුරු අනාවරණ වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරනු ලැබීය.

මෙවැනි පුද්ගලයින් ප්‍රතිකාර ලබා දීම හේතුවෙන් බොහෝ අවස්ථාවල රෝගීන් අසාධ්‍ය තත්ත්වයට පත් වන බව ද එම අමාත්‍යාංශය පෙන්වා දෙයි.

මෙම පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා සිදු කරන වැටලීම් පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂකවරුන් සහ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරුන් මඟින් සිදු කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා උපදෙස් ලබා දී ඇත.

හොර වෙදුන් වැටලීමට විශේෂ වැඩපිළිවෙළක්

දිවයිනේ විවිධ ප්‍රදේශ වල වෛද්‍ය වෘත්තීය මුවාවෙන් කේෂ්ත්‍රයේ නියැලී සිටින ව්‍යාජ පුද්ගලයින් වැටලීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙස සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා බලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

වෛද්‍ය වෘත්තීය මුවාවෙන් මෙරට තුළ ව්‍යාජ වෛද්‍යවරුන් 7000 ක් පමණ සිටින බවට මේ වන විට‍ තොරතුරු අනාවරණ වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරනු ලැබීය.

මෙවැනි පුද්ගලයින් ප්‍රතිකාර ලබා දීම හේතුවෙන් බොහෝ අවස්ථාවල රෝගීන් අසාධ්‍ය තත්ත්වයට පත් වන බව ද එම අමාත්‍යාංශය පෙන්වා දෙයි.

මෙම පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා සිදු කරන වැටලීම් පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂකවරුන් සහ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරුන් මඟින් සිදු කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා උපදෙස් ලබා දී ඇත.

Thursday, March 17, 2011

ආරක්ෂක අංශයේ වෙඩිතැබීමෙන් පුද්ගලයෙක් මරුට

අහංගම , දික්කුඹුර ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වී තිබේ.

දකුණු පළාත භාර නියෝජ්‍ය පොලිස්පති කිංස්ලි ඒකනායක මහතා ප්‍රකාශ කර සිටියේ අණ නොතකා ධාවන වූ යතුරු පැදියකට ආරක්ෂක අංශ විසින් මෙම වෙඩි තැබීමක් සිදු කර ඇති බවයි.

ඒ අනුව වෙඩිවැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් පුද්ගලයෙකු ප්‍රතිකාර සඳහා කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබේ.

මෙම වෙඩි තැබීමේ සිද්ධියෙන් අනතුරුව ප්‍රදේශවාසීන් විසින් පොලිස් කැබ් රථයක් ද ගිනි තබා ඇති බව කිංස්ලි ඒකනායක මහතා ප්‍රකාශ කළේය.

ප්‍රදේශයේ ආරක්ෂාව තර කිරීමට ගත හැකි සියලු ක්‍රියාමාර්ග මේ වන විටත් ගෙන ඇති බව නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Monday, March 14, 2011

තරුණියක දූෂණය කර මරාදමලා -19 හැවිරිදි තරුණයා කොටුවෙයි


ඉන්දීය ජාතික ශිෂ්‍යාවක දූෂණය කර ඝාතනය කිරීමේ චෝදනාව මත ඕස්ට්‍රේලියාවේ වෙසෙන 19 හැවිරිදි ශ්‍රී ලාංකික තරුණයෙකු එරට පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු විසින් 24 හැවිරිදි මෙම තරුණිය ඝාතනය කර ඇයගේ සිරුරෙහි කොටස් සිඩ්නි නගරයේ උද්‍යානයක ඇළකට දමා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ටෝෂා ටක්කර් නම් මෙම තරුණියගේ නිවසෙහි මෙහෙකාරිය නිවසින් පිටතට ගමන් කරන තෙක් රැඳී සිට සැකකාර තරුණයා විසින් ඇයව දූෂණය කොට ඝාතනයට කර ඇති බව පොලිසිය සඳහන් කරයි.

සූට්කේසයක අසුරන ලද ඇයගේ සිරුර පසුගිය සිකුරාදා පෙරවරුවෙහි සිඩ්නි නගරයේ වයඹ දිග ප්‍රදේශයේ උද්‍යානයක් පිටුපසින් ගලා බසින ඇළ මාර්ගයක තිබී සොයාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ටෝෂා ටක්කර් දූෂණය කර ඝාතනය කිරීමේ චෝදනාව යටතේ එදින රාත්‍රියෙහි 19 හැවිරිදි ඩැනියෙල් ස්ටැනි රෙජිනෝල්ඩ් අත්අඩංගුවට ගෙන තිබේ.

ඝාතනයට ලක්වූ තරුණිය ඕස්ට්‍රේලියාවේ ගණකාධිකරණය පිළිබඳව අධ්‍යාපනය ලබමින් සිට ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඇයගේ සිරුර ඉන්දියාවේ වෙසෙන ඇයගේ ඥාතීන් වෙත යැවීමට කටයුතු කරන බව පොලිසිය සඳහන් කර තිබේ.

ඉරණවිලදී එජනිස හා එජාප ක්‍රියාකාරිකයින් පිරිසක් ගැටෙයි

එක්සත් ජනතා නිදහස් සන්ධාන සහ එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරිකයින් පිරිසක් අතර ඉරණවිල ප්‍රදේශයේ දී ගැටුමක් හටගෙන තිබේ.

ප්‍රථමයෙන් එක්සත් ජාතික පක්ෂය සංවිධාන කර තිබු ජනහමුවක් පැවැත්වුණු ස්ථානයකට කඩා වැදුණු එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ආධාරකරුවන් පිරිසක් ගැටුම්කාරී තත්ත්වයක් ඇතිකර ඇත.

එය දැනගත් එක්සත් ජාතික පාක්ෂික ආධාරකරුවන් පිරිසක් සන්ධානයේ ප්‍රචාරක රැස්වීමක් පැවැත්වෙන ස්ථානයකට ගොස් ජාතික නිදහස් පෙරමුණේ පුත්තලම දිස්ත්‍රික් සංවිධායකවරයෙකු සිය ග්‍රහණයට ගෙන තිබේ.

පසුව අදාළ පුද්ගලයා නිදහස් කර ඇති අතර ආරක්ෂක නිලධාරියා සතුව තිබු ගිනි අවිය පොලිසියට බාරදී ඇති බව වාර්තා වේ.

Thursday, March 10, 2011

සිම්බාබ්වේ පරදා ශ්‍රී ලංකාව විශිෂ්ට ජයක් ලබයි


ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ අතර අද(10) පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ පැවති ලෝක කුසලාන ක්‍රිකට් තරගයෙන් සිම්බාබ්වේ පරදා ලකුණු 139 න් ජයග්‍රහණය තහවුරු කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

‍ තරගයේ කාසිය වාසිය දිනාගැනීමට සමත් වූ සිම්බාබ්වේ කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කරනු ලැබීය.

‍ ඒ අනුව නියමිත පන්දු වාර 50 අවසානයේදී ශ්‍රී ලංකාව කඩුලු 06 ක් දැවී ලකුණු 327 ක් රැස්කරනු ලැබීය.

‍ පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සිම්බාබ්වේ කණ්ඩායමට පන්දු වාර 39 ක් තුළ සියලුම ක්‍රීඩකයින් දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 188 ක් පමණි.

ජාතික හැඳුනුම්පත දිනකින් ලබාදීම නැවත අරඹයි


දිනක කාලයක් තුළ ජාතික හැඳුනුම්පත ලබාදීමේ සේවාව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තුමේන්තුව මගින් නැවත ආරම්භ කර තිබේ.

ඒ සඳහා රුපියල් 500 ක ගාස්තුවක් අයකරන බව ද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුව සඳහන් කරයි.

Wednesday, March 9, 2011

සයිබර් අපරාධ මර්දනයට ඉම්පැක්ට් සමග එකඟතාවයක්


සයිබර් අපරාධ සහ පරිගණක ආශිත වංචා මර්දනය කිරීම සඳහා වන ලෝකයේ ප්‍රධාන පෙළේ ආයතනයක් සමග ශ්‍රී ලංකාව නොබෝදා සහයෝගිතා ගිවිසුමකට එළඹ ඇත.

ශ්‍රි ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය යටතේ ක්‍රියාත්මක ශ්‍රී ලංකා සර්ට් ආයතනය සහ අන්තර් ජාතික වශයෙන් ක්‍රියාත්මක ඉම්පැක්ට් (IMPACT) ආයතනය අතර මෙම එකඟතාව ඇතිවී තිබේ.

අන්තර්ජාලය ඔස්සේ මෙන්ම පරිගණකය ආශ්‍රිතව සිදුකෙරෙන විවිධ ආකාරයේ අපරාධ සහ වංචා මැඩපැවැත්වීම මෙන්ම ඊට එරෙහිව කඩිනම් පියවර ගැනීම තව දුරටත් ශක්තිමත්ව සිදු කිරීමට මේ සමග ඉඩ සැලසේ.

එසේම වෙනත් රටවල් මේ සම්බන්ධයෙන් අනුගමනය කරන ක්‍රියාමාර්ග සහ පියවරය පිළිබදව දැනුවත් වීම මෙන්ම තොරතුරු හුවමාරු කර ගැනීමටද ශ්‍රී ලංකාවට අවස්ථාව උදාවේ.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉම්පැක්ට් ආයතනයේ නිල සාමාජිකත්වය ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනයේ ප්‍රධාන විධායක නිලධාරී රෙෂාන් දේවපුර මහතාට හිමිවී තිබේ.

ෆොන්සේකා වෙනුවෙන් උත්තර බඳින්න ලැයිස්තුව මහාධිකරණයට ඇවිත්


ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ නායක සරත් ෆොන්සේකා මහතාට එරෙහි සුදු කොඩි ප්‍රකාශයට අදාළ නඩුවේ විත්තිය වෙනුවෙන් සාක්ෂි ලබා දෙන සාක්ෂිකරුවන්ගේ නම් ලැයිස්තුව අද(09)මහාධිකරණයට ඉදිරිපත් කෙරුණි.

විත්තිකාර සරත් ෆොන්සේකා මහතා වෙනුවෙන් පෙනී සිටින නීතිඥ නලින් ලද්දුවහෙට්ටි මහතා විසින් මෙම නම් ලැයිස්තුව අද මහාධිකරණයට ඉදිරිපත් කළ බව අධිකරණ වාර්තාකරු පවසයි.

එහි විත්තිකාර සරත් ෆොන්සේකා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කරූ ජයසූරිය,මංගල සමරවීර,අනුර කුමාර දිසානායක යන අයගේ නම් ඇතුළත්ව ඇතැයි සඳහන් වේ.

මීට අමතරව මහාචාර්ය ඈෂ්ලි හල්පේ,ශ්‍රේෂ්ඨාධිකරණ ලේඛකාධිකාරිවරිය,මහාධිකරණ ලේඛකාධිකාරිවරිය,පුවත්පත් මණ්ඩල ලේකම් ඇතුළු 10 දෙනෙකුගෙන් යුතු පිරිසක්ද සාක්ෂිකරුවන් ලෙස නම් කර තිබේ.

මෙම සාක්ෂිකරුවන්ගෙන් සාක්ෂි විමසීමක් සිදු කිරීම හෝ නොකිරීමට අදාළ තීරණය ලබන මාර්තු මස 30 වන දින ප්‍රකාශයට පත් කරන බව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් අද සඳහන් කර තිබේ.

එසේම මීට පෙරාතුව මහාධිකරණය විසින් විත්තිකාර ෆොන්සේකා මහතාට උණු වතුර පහසුකම් ලබා දෙන ලෙස මහාධිකරණය විසින් නියෝග කරන ලද නමුත් එකී පහසුකම් මෙතෙක් ලබාදීමට පියවර ගෙන නැතැයි විත්තියේ නීතිඥ නලින් ලද්දුවහෙට්ටිගේ මහතා යළි වරක් විවෘත අධිකරණය හමුවෙ පෙන්වා දී ඇත.

අධිකරණ නියෝග නොතකා හැරීම අධිකරණයට කරන අපහාසයක් ලෙස සලකන බව එහිදී මහාධිකරණය විසින් වැඩිකඩ බන්ධනාගාර අධිකාරීවරයාට නියෝග කර තිබේ.

Tuesday, March 8, 2011

කැලණිය ගැන සොයා බලන්නැයි මැ.කො පොලිස්පතිට ලියයි


කැලණිය ප්‍රදේශයේ විරුද්ධ පාක්ෂිකයින්ට මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදුකිරීමට යම් බාධා පවතින්නේ නම් ඒ සම්බන්ධයෙන් සොයා බලා එම තත්ත්වය මගහරවන ලෙස මැතිවරණ කොමසාරිස්වරයා පොලිස්පතිවරයාට දන්වා තිබේ.

ලිපියක් යොමුකරමින් මැතිවරණ කොමසාරිස්වරයා පොලිස්පතිවරයාට දන්වා ඇත්තේ විරුද්ධ පාක්ෂිකයින්ට මැතිවරණ ප්‍රචාරක කටයුතුවල යෙදීම කැලණිය ප්‍රදේශයේ තහනම් බවට රජයේ අමාත්‍යවරයෙකු ප්‍රකාශ කර ඇති බවට තමාට පැමිණිලි ලැබී ඇති බවයි.

එම පැමිණිලිවල යම් සත්‍යතාවක් පවතින්නේ නම් ඒ පිළිබඳ සොයා බලා වහාම කටයුතු කරන ලෙස මැතිවරණ කොමසාරිස්වරයා එම ලිපියෙන් පොලිස්පතිවරයා දැනුවත් කර තිබේ.

මැතිවරණ කොමසාරිස්වරයා එම ලිපියේ තවදුරටත් සඳහන් කර ඇත්තේ ඕනෑම ප්‍රදේශයක මැතිවරණ ප්‍රචාරක කටයුතුවල නිරත වීමට පිළිගත් දේශපාලන පක්ෂවලට හා ස්වාධීන කණ්ඩායම් වලට සම අයිතියක් ඇති බවයි.

මානව හිමිකම් තත්ත්වය තවත් බරපතලයි -ජාත්‍යන්තරයෙන් චෝදනා


ශ්‍රී ලංකාවේ මානව හිමිකම් පිළිබඳ තත්ත්වය තවදුරටත් අයහපත් අතට හැරෙමින් පවතින බවට ජාත්‍යන්තර මානව හිමිකම් නිරීක්ෂණ කණ්ඩායම් මගින් එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත පැමිණිලි කර තිබේ.

විවිධ මානව හිමිකම් කණ්ඩායම් මගින් ශ්‍රී ලංකාව සම්බන්ධ ලිඛිත ප්‍රකාශයන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ කවුන්සිලය වෙත ඉදිරිපත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ කවුන්සිලයේ 16 වන සැසි වාරය මාර්තු මස 25 වන දින දක්වා ජිනීවාහිදී පැවැත්වේ.

ශ්‍රී ලංකා රජය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ කොමිසමේ ප්‍රතිඥාවන් ක්‍රියාවට නැංවීමට අසමත් වී ඇති බවට සියලුම ආකාරයේ වර්ගවාදයන්ට එරෙහි ජාත්‍යන්තර ව්‍යාපාරය විසින් ඉදිරිපත් කරන ලද ප්‍රකාශයෙන් චෝදනා කර තිබේ.

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා විසින් පත්කරන ලද උගත් පාඩම් හා ප්‍රතිසන්ධානය පිළිබඳ ජනාධිපති කොමිසම වෙත සාක්ෂි ලබාදුන් පිරිස් පවා නීති කඩවීම් හා මූලික අයිතීන් උල්ලංඝණයවීම් පිළිබඳව කරුණු දක්වා ඇති බව ඔවුන් වැඩිදුරටත් සිය ප්‍රකාශයෙන් දක්වා ඇති බව සඳහන්ය.

Monday, March 7, 2011

ටී.එන්.ඒ මන්ත්‍රීවරයාට වෙඩි ප්‍රහාරයක්

ද්‍රවිඩ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.ශ්‍රීධරන් මහතා ගමන්ගත් මෝටර් රථයට කිසියම් පිරිසක් විසින් ප්‍රහාරයක් එල්ල කර තිබේ.

අද පස්වරුවේ යාපනයේ සිට යළි කොළඹ බලා එමින් සිටියදී අනුරාධපුරය හා නොච්චියාගම අතර ප්‍රදේශයකදී වෙඩි තැබීමක් සිදුව ඇති අතර එයින් මන්ත්‍රීවරයාට අයත් වෑන් රථයකට හානි සිදුවී ඇතැයි සඳහන් වේ.

එසේ වුවද මෙම ප්‍රහාරයෙන් මන්ත්‍රීවරයාට හෝ ඔහුගේ ආධාරකරුවන්ට තුවාල සිදුවී නැති බවත්,මන්ත්‍රීවරයා ඇතුළු පිරිස මේ වන විට නොච්චියාගම පොලීසියට ගොස් සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලි කර ඇති බවත් වාර්තා වේ.

Saturday, March 5, 2011

ශ්‍රී ලංකා -ඕස්ට්‍රේලියා තරගයට වැස්සෙන් බාධා

පවතින වැසිබර කාලගුණික තත්ත්වය නිසා ඕස්ට්‍රේලියාව හා ශ්‍රී ලංකාව අතර පැවැත්වුණු ලෝක කුසලාන ක්‍රිකට් තරගය තාවකාලිකව නතර කිරිමට තීරණය කර තිබේ.

තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර තරගය නවත්වන අවස්ථාව වනවිට පන්දුවාර 32 පන්දු 05 ක් තුළ කඩුලු 03 ක් දැවී ලකුණු 146 ක් රැස්කර තිබිණි.

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More