එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා ගමන් ගත් මෝටර් රථය අද(26) පස්වරුවෙහි ගාල්ල, ඉඳුරුව, කයිකාවල ප්‍රදේශයේදී අනතුරට ලක්ව තිබේ.
ගාල්ල එක්සත් ජාතික පක්ෂ බල මණ්ඩලයට සහභාගි වී නැවත පැමිණෙමින් සිටියදී මෙම අනතුර සිදුවූ බව රවී කරුණානායක මහතා ප්‍රකාශ කළේය.
කුඩා ළමයෙකු පාර මාරුවීමට තැත්කළ නිසා එකවරම රථය නැවැත්වීමට යාමේදී තමන් ගමන් කරමින් සිටි ලෑන්ඩ් කෘෂර් රථය මාර්ගයෙන් ඉවතට පෙරළුණු බව ඒ මහතා සඳහන් කළේය.
නමුත් මෙම අනතුර නිසා තමන් හෝ වෙනත් කිසිදු අයෙකුට තුවාල ලැබීමක් සිදු නොවූ බව ද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.
0 comments:
Post a Comment