Time & Date in Sri Lanka

Wednesday, March 30, 2011

නැගෙනහිරට ලබන වසර වන විට 100% ක් එළිය දෙන්න සූදානම්

නැගෙනහිර පළාතට නව විදුලි ව්‍යාපෘති 374ක්, විදුලි දිගු 1865ක් ක්‍රියාත්මක කිරීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය තීරණය කර තිබේ.

විදුලිබල හා බල ශක්ති අමාත්‍යංශය නිකුත් කළ නිවේදනකයක මේ බව සඳහන් වේ.

එකී නිවේදනය පහත පරිදිය.

කුරිරු ත‍්‍රස්තවාදයෙන් මුළු දිවයිනම වෙලාගත් අඳුරු යුගය අවසන් වීමත් සමගින් සමස්ත දිවයිනම විදුලියෙන් ඒකාලෝක කිරීමේ අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ විදුලමු ලංකා සංකල්පයට අනුව යමින් නැගෙනහිර පළාතේ තවමත් විදුලිය නොලැබූ ග‍්‍රාමීය ජනතාව වෙනුවෙන් නව විදුලි ව්‍යාපෘති 374ක් සහ විදුලි දිගු 1865ක් ඇරඹීමට විෂයභාර අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ අවධානය යොමුවී තිබේ.

ඒ අනුව ත‍්‍රීකුණාමලය දිස්ත‍්‍රික්කය සඳහා විදුලි ව්‍යාපෘති 127ක් සහ විදුලි දිගු 710ක් ඇරඹීමට සැලසුම් කර ඇත. සමස්ත දිස්ත‍්‍රික්කයම ආවරණය වන පරිද්දෙන් මෙතෙක් විදුලිය පහසුකම් නොලැබූ ජනතාව ඉලක්ක කරගනිමින් මෙම විදුලි ව්‍යාපෘති සහ විදුලි දිගු ස්ථාපිත කිරීමට අමාත්‍යවරයා අදාල අංශ දැනුවත් කර තිබේ.

නැගෙනහිර පළාත ඉලක්ක කරගනිමින් මඩකළපුව දිස්ත‍්‍රික්කයටද නව විදුලි ව්‍යාපෘති 111ක් සහ විදුලි දිගු 366ක් ලබාදීමට අමාත්‍ය රණවක මහතා සැලසුම් කර තිබේ. මෙම ත‍්‍රීකුණාමලය සහ මඩකලපුව දිස්ත‍්‍රික්කයන්හි විදුලි සංවර්ධනය වෙනුවෙන් චීන එක්සිම් බැංකු ණය ආධාර යටතේ ඇමරිකානු ඩොලර් මිලියන 60ක මුදලක් වෙන්කර තිබේ.

මීට අමතරව අම්පාර දිස්ත‍්‍රික්කයේ මේ වනවිටත් විදුලිය පහසුකම් නොලැබූ ග‍්‍රාමීය ජනතාව වෙනුවෙන් නව විදුලි ව්‍යාපෘති 136ක් සහ විදුලි දිගු 789ක් ඉදිකිරීමට අමාත්‍ය රණවක මහතා අදාළ අංශ වෙත උපදෙස් ලබාදී ඇත. මෙම ව්‍යාපෘතීන් වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 20ක මුදලක් වැයවෙනු ඇතැයි ඇස්තමේන්තු කර ඇති අතර ඒ සඳහා මූල්‍ය පහසුකම් සපයනු ලබන්නේ ආසියානු සංවර්ධන බැංකුව මගිනි.

මේ අනුව ලබන වසර තුළදී නැගෙනහිර පළාත විදුලියනය 100%ක් දක්වා වර්ධනය වූ පළාතක් වනු ඇතැයි විදුලිබල අමාත්‍යාංශය අවධාරණය කරයි.

gf106226362106

0 comments:

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More