ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ නායක සරත් ෆොන්සේකා මහතාට එරෙහි සුදු කොඩි ප්‍රකාශයට අදාළ නඩුවේ විත්තිය වෙනුවෙන් සාක්ෂි ලබා දෙන සාක්ෂිකරුවන්ගේ නම් ලැයිස්තුව අද(09)මහාධිකරණයට ඉදිරිපත් කෙරුණි.
විත්තිකාර සරත් ෆොන්සේකා මහතා වෙනුවෙන් පෙනී සිටින නීතිඥ නලින් ලද්දුවහෙට්ටි මහතා විසින් මෙම නම් ලැයිස්තුව අද මහාධිකරණයට ඉදිරිපත් කළ බව අධිකරණ වාර්තාකරු පවසයි.
එහි විත්තිකාර සරත් ෆොන්සේකා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කරූ ජයසූරිය,මංගල සමරවීර,අනුර කුමාර දිසානායක යන අයගේ නම් ඇතුළත්ව ඇතැයි සඳහන් වේ.
මීට අමතරව මහාචාර්ය ඈෂ්ලි හල්පේ,ශ්‍රේෂ්ඨාධිකරණ ලේඛකාධිකාරිවරිය,මහාධිකරණ ලේඛකාධිකාරිවරිය,පුවත්පත් මණ්ඩල ලේකම් ඇතුළු 10 දෙනෙකුගෙන් යුතු පිරිසක්ද සාක්ෂිකරුවන් ලෙස නම් කර තිබේ.
මෙම සාක්ෂිකරුවන්ගෙන් සාක්ෂි විමසීමක් සිදු කිරීම හෝ නොකිරීමට අදාළ තීරණය ලබන මාර්තු මස 30 වන දින ප්‍රකාශයට පත් කරන බව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් අද සඳහන් කර තිබේ.
එසේම මීට පෙරාතුව මහාධිකරණය විසින් විත්තිකාර ෆොන්සේකා මහතාට උණු වතුර පහසුකම් ලබා දෙන ලෙස මහාධිකරණය විසින් නියෝග කරන ලද නමුත් එකී පහසුකම් මෙතෙක් ලබාදීමට පියවර ගෙන නැතැයි විත්තියේ නීතිඥ නලින් ලද්දුවහෙට්ටිගේ මහතා යළි වරක් විවෘත අධිකරණය හමුවෙ පෙන්වා දී ඇත.
අධිකරණ නියෝග නොතකා හැරීම අධිකරණයට කරන අපහාසයක් ලෙස සලකන බව එහිදී මහාධිකරණය විසින් වැඩිකඩ බන්ධනාගාර අධිකාරීවරයාට නියෝග කර තිබේ.
0 comments:
Post a Comment