අහංගම , දික්කුඹුර ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වී තිබේ.
දකුණු පළාත භාර නියෝජ්‍ය පොලිස්පති කිංස්ලි ඒකනායක මහතා ප්‍රකාශ කර සිටියේ අණ නොතකා ධාවන වූ යතුරු පැදියකට ආරක්ෂක අංශ විසින් මෙම වෙඩි තැබීමක් සිදු කර ඇති බවයි.
ඒ අනුව වෙඩිවැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් පුද්ගලයෙකු ප්‍රතිකාර සඳහා කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබේ.
මෙම වෙඩි තැබීමේ සිද්ධියෙන් අනතුරුව ප්‍රදේශවාසීන් විසින් පොලිස් කැබ් රථයක් ද ගිනි තබා ඇති බව කිංස්ලි ඒකනායක මහතා ප්‍රකාශ කළේය.
ප්‍රදේශයේ ආරක්ෂාව තර කිරීමට ගත හැකි සියලු ක්‍රියාමාර්ග මේ වන විටත් ගෙන ඇති බව නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
0 comments:
Post a Comment