ශ්‍රී ලංකාවේ මානව හිමිකම් පිළිබඳ තත්ත්වය තවදුරටත් අයහපත් අතට හැරෙමින් පවතින බවට ජාත්‍යන්තර මානව හිමිකම් නිරීක්ෂණ කණ්ඩායම් මගින් එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත පැමිණිලි කර තිබේ.
විවිධ මානව හිමිකම් කණ්ඩායම් මගින් ශ්‍රී ලංකාව සම්බන්ධ ලිඛිත ප්‍රකාශයන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ කවුන්සිලය වෙත ඉදිරිපත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ කවුන්සිලයේ 16 වන සැසි වාරය මාර්තු මස 25 වන දින දක්වා ජිනීවාහිදී පැවැත්වේ.
ශ්‍රී ලංකා රජය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ කොමිසමේ ප්‍රතිඥාවන් ක්‍රියාවට නැංවීමට අසමත් වී ඇති බවට සියලුම ආකාරයේ වර්ගවාදයන්ට එරෙහි ජාත්‍යන්තර ව්‍යාපාරය විසින් ඉදිරිපත් කරන ලද ප්‍රකාශයෙන් චෝදනා කර තිබේ.
ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා විසින් පත්කරන ලද උගත් පාඩම් හා ප්‍රතිසන්ධානය පිළිබඳ ජනාධිපති කොමිසම වෙත සාක්ෂි ලබාදුන් පිරිස් පවා නීති කඩවීම් හා මූලික අයිතීන් උල්ලංඝණයවීම් පිළිබඳව කරුණු දක්වා ඇති බව ඔවුන් වැඩිදුරටත් සිය ප්‍රකාශයෙන් දක්වා ඇති බව සඳහන්ය.
0 comments:
Post a Comment