එක්සත් ජනතා නිදහස් සන්ධාන සහ එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරිකයින් පිරිසක් අතර ඉරණවිල ප්‍රදේශයේ දී ගැටුමක් හටගෙන තිබේ.
ප්‍රථමයෙන් එක්සත් ජාතික පක්ෂය සංවිධාන කර තිබු ජනහමුවක් පැවැත්වුණු ස්ථානයකට කඩා වැදුණු එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ආධාරකරුවන් පිරිසක් ගැටුම්කාරී තත්ත්වයක් ඇතිකර ඇත.
එය දැනගත් එක්සත් ජාතික පාක්ෂික ආධාරකරුවන් පිරිසක් සන්ධානයේ ප්‍රචාරක රැස්වීමක් පැවැත්වෙන ස්ථානයකට ගොස් ජාතික නිදහස් පෙරමුණේ පුත්තලම දිස්ත්‍රික් සංවිධායකවරයෙකු සිය ග්‍රහණයට ගෙන තිබේ.
පසුව අදාළ පුද්ගලයා නිදහස් කර ඇති අතර ආරක්ෂක නිලධාරියා සතුව තිබු ගිනි අවිය පොලිසියට බාරදී ඇති බව වාර්තා වේ.
0 comments:
Post a Comment