Time & Date in Sri Lanka

Tuesday, March 8, 2011

කැලණිය ගැන සොයා බලන්නැයි මැ.කො පොලිස්පතිට ලියයි


කැලණිය ප්‍රදේශයේ විරුද්ධ පාක්ෂිකයින්ට මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදුකිරීමට යම් බාධා පවතින්නේ නම් ඒ සම්බන්ධයෙන් සොයා බලා එම තත්ත්වය මගහරවන ලෙස මැතිවරණ කොමසාරිස්වරයා පොලිස්පතිවරයාට දන්වා තිබේ.

ලිපියක් යොමුකරමින් මැතිවරණ කොමසාරිස්වරයා පොලිස්පතිවරයාට දන්වා ඇත්තේ විරුද්ධ පාක්ෂිකයින්ට මැතිවරණ ප්‍රචාරක කටයුතුවල යෙදීම කැලණිය ප්‍රදේශයේ තහනම් බවට රජයේ අමාත්‍යවරයෙකු ප්‍රකාශ කර ඇති බවට තමාට පැමිණිලි ලැබී ඇති බවයි.

එම පැමිණිලිවල යම් සත්‍යතාවක් පවතින්නේ නම් ඒ පිළිබඳ සොයා බලා වහාම කටයුතු කරන ලෙස මැතිවරණ කොමසාරිස්වරයා එම ලිපියෙන් පොලිස්පතිවරයා දැනුවත් කර තිබේ.

මැතිවරණ කොමසාරිස්වරයා එම ලිපියේ තවදුරටත් සඳහන් කර ඇත්තේ ඕනෑම ප්‍රදේශයක මැතිවරණ ප්‍රචාරක කටයුතුවල නිරත වීමට පිළිගත් දේශපාලන පක්ෂවලට හා ස්වාධීන කණ්ඩායම් වලට සම අයිතියක් ඇති බවයි.

0 comments:

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More