Time & Date in Sri Lanka

Monday, April 25, 2011

නීතියට පටහැණියි-විජේදාස රාජපක්ෂ, මූන්ට ලියයි

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයා විසින් පත් කළ උපදේශන කමිටුව විසින් ශ්‍රී ලංකාවට එරෙහිව වාර්තාවක් සකස් කිරීම එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තීන් උල්ලංඝණය කිරීමක් බව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

එක්සත් ජාතීන්ගේ මහලේකම් බැන්කී මූන් මහතා වෙත ලිපියක් යොමු කරමින් ඔහු අවධාරණය කර සිටින්නේ ජාත්‍යන්තර අපරාධ අධිකරණය සඳහා වූ රෝම ව්‍යවස්ථාවට ශ්‍රී ලංකාව පාර්ශවකරුවෙකු ලෙස අත්සන් කර නොමැති හෙයින් ශ්‍රී ලංකාවට ‍එරෙහිව යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් කිසිදු ආකාරයක පියවරක් ගැනීමට හැකියාවක් නොමැති බවයි.

මෙවැනි වාර්තාවක් සකස් කිරීම තුළින් මෙරට ජන කොට්ඨාසයන් අතර ගොඩනැගී ඇති සංහිඳියාව සහ ආර්ථික ස්ථාවර භාවය බිඳ වැටීමට හේතු විය හැකි බවත් එමඟින් ව්‍යවසනකාරී තත්ත්වයක් අනාගතයේ දී උද්ගත වුවහොත් එහි පූර්ණ වගකීම බැන්කී මූන් මහතා විසින් භාර ගත යුතු බව ද විජේදාස රාජපක්ෂ මහතා සිය ලිපියෙන් අවධාරණය කර තිබේ.

මේ අතර අදාළ උපදේශන කමිටු වාර්තාවට විරෝධය පළ කරමින් මහනුවර නගර මධ්‍යයේ අද දැවැන්ත උද්ඝෝෂණයක් පැවැත්වුණු අතර මහනුවර ඔරලෝසු කණුව අසළ ජෝර්ජ් ඊ ද සිල්වා උද්‍යානය අසළට රැස් වූ පිරිස විරෝධතා පාඨ ඇතුළත් බැනර් හා පෝස්ටර් ප්‍රදර්ශනය කරමින් මෙසේ උද්ඝෝෂණයේ නිරත වූ බව අද දෙරණ වාර්තාකරු පවසයි.

Saturday, April 23, 2011

එක්සත් ජාතීන්ගේ මහලේකම්ට විශේෂිත බලයක් නෑ

එක්සත් ජාතීන්ගේ මහලේකම් බැන්කී මූන් මහතා ‍පත්කළ ත්‍රිපුද්ගල කමිටුවේ වාර්තාව ශ්‍රී ලංකා රජය විසින් නිල වශයෙන් ප්‍රතික්ෂේප කර ඇතැයි ජනමාධ්‍ය හා තොරතුරු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

මහලේකම්වරයා සතුව විශේෂිත බලයක් නොමැති බව අමාත්‍යවරයා කියා සිටියේය.

ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතු සම්බන්ධයෙන් ඒකපාර්ශිකව කටයුතු කර ඇති ආදාළ කමිටුව මෙරට ස්වෛරීභාවය අභියෝගයට ලක්කර ඇති බව ද රඹුක්වැල්ල මහතා සඳහන් කරයි.

කෙසේ වෙතත් මෙවැනි අසාධාරණ ක්‍රියාදාමයන් හමුවේ ශ්‍රි ලංකාවේ මිත්‍රශීලි ර‍ටවල් මෙරටට සහය පළ කරමින් සිටින බව අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Tuesday, April 19, 2011

ශ්‍රී ලංකා -අ‍මෙරිකා සබඳතා ශක්තිමත් කිරීමට සියලුදෙනාගේ සහය අවශ්‍යයි

ශ්‍රී ලංකාව සහ අ‍මෙරිකාව අතර සබඳතා ශක්තිමත් කිරීම සඳහා සියලුදෙනාගේ සහය අවශ්‍ය බව අමෙරිකානු කොංග්‍රස් මණ්ඩල සභිකයින් කිහිපදෙනෙකු ප්‍රකාශ කර තිබේ.

වසර 30 ක් පුරා පැවති ත්‍රස්තවාදය නිමා කර දෙවසරක් ගෙවී යද්දි ශ්‍රී ලංකාව ලබා තිබෙන ප්‍රගතිය පිළිබඳ අවධානය යොමු කර ඊට සහය විය යුතු බව ඔවුන් පවසයි.

ශ්‍රි ලංකාව වෙනුවෙන් පත්කර සිටින කොංග්‍රස් මණ්ඩල සභිකයින් වන ක්‍රිස් වැන් හොලන් සහ රොබට් ඇඩහෝල්ට් සිය සහෘදයින්ගෙන් අදාළ ඉල්ලීම සිදුකර තිබෙන බව සඳහන්ය.

බහුපාක්ෂික සහ බහුවාර්ගික රටක් වශයෙන් ත්‍රස්තවාදය පරාජය කළ ශ්‍රී ලංකාව යළි ගොඩනැගෙමින් තිබෙන බව කොංග්‍රස් මණ්ඩල සභිකයින් වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

Monday, April 18, 2011

ජොනී නඩු මගට බසී

මෙරටට පිටි ආනයනය කරනු ලබන සමාගම් අතරින් සෙරන්ඩිබ් ආයතනය ඒකමතිකව පිටි මිල වැඩි කිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් නීතීමය ක්‍රියාමාර්ග ගන්නා බව සමූපකාර හා අභ්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

පාරිභෝගික ආරක්ෂක පනතේ 18 වගන්තිය යටතේ මෙලෙස නීතීමය ක්‍රියාමාර්ග ගන්නා බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

පාරිභෝගික කටයුතු අමාත්‍යාංශයේ අද(18) පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

මේ අතර භාණ්ඩ මිල ප්‍රදර්ශනය නොකරන නිෂ්පාදන සමාගම් වලට සහ අලෙවිකරුවන්ට එරෙහිව නීතීමය ක්‍රියාමාර්ග ගන්නා බව ද ජොන්ස්ටන් ප්‍රානාන්දු අමාත්‍යවරයා එහි දී ප්‍රකාශ කළේය.

Saturday, April 16, 2011

වැටුප් ප්‍රශ්නය ලිහන්න විශ්ව විද්‍යාල ආචාර්යවරුන් හෙට එස්.බී හමුවෙයි වැටුප් ප්‍රශ්නය ලිහන්න විශ්ව විද්‍යාල ආචාර්යවරුන් හෙට එස්.බී හමුවෙයි

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වැටුප් අර්බුදය සම්බන්ධයෙන් හෙට උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා සමග විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන බව විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසයි.

හෙට පැවැත්වෙන සාකච්ඡාවේ දී සිය ගැටලුව සඳහා යහපත් ප්‍රතිචාරයක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බව එම සම්මේලනයේ සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා සදහන් කළේ ය.

කෙසේවුවත් ලබන 9 වැනිදා සිට ස්වේච්ඡා තනතුරුවලින් ඉවත්වීමට ගෙන ඇති වෘත්තීය ක්‍රියාමාර්ගයෙහි කිසිදු වෙනසක් සිදුනොවන බවද ඔහු අවධාරණය කර සි‍ටියේය.

වැටුප් වැඩිවීම‍ට අදාළව චක්‍රලේඛයක් නිකුත් කරන තුරු අදාළ වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Wednesday, April 13, 2011

මහ ලේකම්ට දුන්නු වාර්තාව ප්‍රසිද්ධ කරන්න ඕනෑ-ඇමිනෙස්ට් ජාත්‍යන්තරය ඉල්ලයි

එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා මීට පෙරාතුව කරන ලද ප්‍රකාශයන්ට අදාළව ක්‍රියා කළ යුතු බව ඇම්නෙස්ටි ජාත්‍යන්තරය සඳහන් කරයි.

ශ්‍රී ලංකාව තුළ කල්පවත්නා සාමයක් සඳහා පදනමක් ඇති කිරීමට වගවීමේ ක්‍රියාවලියක් අත්‍යවශ්‍ය බවට එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා මීට පෙර ප්‍රකාශ කළ බව ඇම්නෙස්ටි ජාත්‍යන්තරය සිහිපත් කර සිටියි.

එහි ආසියා හා පැසිෆික් කලාපය භාර අධ්‍යක්ෂ සෑම් සරිෆි මහතා ඇම්නෙස්ටි ජාත්‍යන්තරයේ නිල වෙබ්අඩවියට ප්‍රකාශයක් කරමින් සඳහන් කර ඇත්තේ එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා විසින් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවූ බවට වන චෝදනා සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත් කළ කමිටුව විසින් ඉදිරිපත් කර ඇති වාර්තාව ප්‍රසිද්ධියට පත් කළ යුතු බවයි.

ශ්‍රි ලංකා ඉතිහාසයේ තීරණාත්මක අවදියක් සම්බන්ධයෙන් සම්පාදනය කර ඇති එම වාර්තාවේ කරුණු ශ්‍රි ලාංකිකයින්ට දැන ගැනීමට සැලැස්වීම අත්‍යවශ්‍ය බවද හෙතෙම අවධාරණය කර තිබේ.

යුද්ධයේ අවසන් කාල වකවානුව තුළ සිදුවූ බව පැවසෙන මානව හිමිකම් කඩවීම් හා මානුෂීය නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාට උපදෙස් දීම සදහා එම කමිටුව පත් කෙරුණේ 2010 වසරේ ජුනි මාසයේදීය.

එම කමිටුව විසින් සිය වාර්තාව ඊයේ එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මූන් මහතා වෙත භාරදුන් අතර එහි පිටපතක් ශ්‍රී ලංකා රජය වෙතද එවීමට කටයුතු කරන බව මහ ලේකම්වරයාගේ නියෝජ්‍ය මාධ්‍ය ප්‍රකාශක ෆර්හාන් හක් පවසා තිබිණි.

ඉන්දුනිසියාවේ හිටපු නීතිපතිවරයකු වන මර්සුකි දරුස්මාන් මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු අමරිකානු සහ දකුණු අප්‍රිකානු නියෝජිතයින්ද ඇතුළත් වන එම කමිටුව පත්කිරීමට එරෙහිව ශ්‍රී ලංකාව නිල වශයෙන් සිය විරෝධය දක්වා තිබිණි.

එසේ වුවද එම කමිටුව මගින් ශ්‍රී ලංකාවට එරෙහිව යුද අපරාධ චෝදනා හෝ මානව හිම්කම් කඩවීම් සම්බන්ධයෙන් වන චෝදනා විමර්ශනය කිරීමක් සිදුනොකරන බවත්,ඒ සඳහා වන අධිකරණයම බලයක් එකී කමිටුවට නොමැති බවත්,එය හුදෙක් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් තමන්ට උපදෙස් ලබාගැනීම සඳහා පත්කරනු ලැබූ කමිටවුක් පමණක් බවත් එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා විසින් පසුව ප්‍රකාශ කරන්නට යෙදුණි.

Saturday, April 9, 2011

ජන සෙවණ යටතේ මේ වසරේ නිවාස 60,000 ක්

ජන සෙවණ නිවාස දස ලක්ෂයේ වැඩසටහන යටතේ මේ වසර ඇතුළත නිවාස 60,000 ක් ඉදිකිරීමට නියමිත බව ජාතික නිවාස සංවර්ධන අධිකාරිය පවසයි.

මේ සඳහා සෙවණ අරමුදල සහ ධන පරිත්‍යාග යොදාගැනීමට නියමිත බව එහි සාමාන්‍යාධිකාරී එල්.එස්. පලංසූරිය මහතා පැවසුවේය.

එම නිවාස අවශ්‍යයෙන්ම නිවාස ලැබිය යුතු ඉතා දිළිඳු ජනතාව වෙත ලබාදීමට නියමිත බව පලංසූරිය මහතා සඳහන් කළේය.

ඊට අමතරව අඩු ආදායම් ලාභී සහ මධ්‍ය ආදායම්ලාභී ජනතාව සඳහා රජයේ ණය ආධාර යටතේ නිවාස යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට නියමිත බව ඔහු වැඩිදුරටත් පැවසුවේය.

Tuesday, April 5, 2011

එල්.ටී.ටී.ඊ සැකකරුවන් 82 ක් තවදුරටත් රිමාන්ඩ්

පසුගිය කාලයේ විවිධ ත්‍රස්ත ක්‍රියා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එල්.ටී.ටී.ඊ සැකකරුවන් 82 දෙනෙකු තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ‍නියෝග කර තිබේ.

ත්‍රස්ත මර්දන කාර්යාංශය හා රහස් පොලිසිය මගින් අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

මෙම සැකකරුවන්ට අදාළ සියලුම පරීක්ෂණ වාර්තා නීතිපතිවරයා වෙත ඉදිරිපත් කර ඇති බව පොලිසිය අධිකරණය හමුවේ ප්‍රකාශ ක‍ළේය.

නීතිපති උපදෙස් ලැබීමෙන් අනතුරුව සැකකරුවන් සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බව පොලිසිය අධිකරණය හමුවේ දන්වා ඇත.

කරුණු සලකා බැලූ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය සැකකරුවන් ලබන 26 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට නියෝග කරනු ලැබීය.

Monday, April 4, 2011

ෆොන්සේකා වෙනුවෙන් තිස්සයි මමයි ජගත් පාර්ලිමේන්තුවට යනවා

සරත් ෆොන්සේකා මහතා සිරගත කිරීම දේශපාලන වුවමනාවක් මත සිදුවූවක් බවට ඉදිරි‍යේ දී රැස් වන 124 වන ජගත් පාර්ලිමේන්තු සැසියේ දී කරුණු ඉදිරිපත් කරන බව එක්සත් ජාතික පක්ෂය පවසයි.

එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයලත් ජයවර්ධන මහතා සඳහන් කර සිටියේ මීට ඉහත දී එක්සත් ජාතික පක්ෂය විසින් ඉදිරිපත් කළ පැමිණිල්ල ඉදිරි ජගත් පාර්ලිමේන්තු සැසියේ දී දෙවන වර විභාගයට ගැනීමට නියමිත බවයි.

එහි දී තමා සහ එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් තිස්ස අත්තනායක මහතා කරුණු ඉදිරිපත් කිරීම සඳහා අදාළ සැසියට සහභාගී වන බව ජයලත් ජයවර්ධන මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය.

Sunday, April 3, 2011

කම්කරුවන් හෙට හාම්පුතුන් හමුවෙයි

වතු කම්කරුවන්ගේ වැටුප් ගෙවීම සම්බන්ධයෙන් වු නව ගිවිසුමකට එළඹීම සඳහා කම්කරු වෘත්තීය සමිති සහ හාම්පුතුන්ගේ සාකච්ඡාවක් හෙට පැවැත්වේ.

කම්කරු වැටුප තීරණය කිරීම සඳහා 2009 වසරේදී අත්සන් තැබු ගිවිසුමේ කාලය මාර්තු 31 වන දිනෙන් අවසන් වීම මීට හේතුවයි.

සෑම වසර දෙකකටම වරක් ගිවිසුම අලුත් කිරීමට කම්කරුවන් සහ හාම්පුතුන් එකඟතාවකට පැමිණ තිබුණි.

ඒ අනූව ලංකා කම්කරු කොන්ග්‍රසය , ලංකා ජාතික වතුකම්කරු සංගමය සහ ඒකාබද්ධ වතු වෘත්තීය සමිති මධ්‍යස්ථානය මෙම සාකච්ඡා සඳහා සහභාගී වීමට නියමිතය.

මේ අතර වතු කම්කරුවෙකුගේ වැටුප රුපියල් 750 දක්වා ඉහළ නැංවිය යුතු බව සමස්ත ලංකා වතුකම්කරු සංගමය පවසයි.

Saturday, April 2, 2011

ඉන්දියාවට ලකුණු 275 ක ඉලක්කයක්

2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේදී ඉන්දීය කණ්ඩායම එරෙහිව කඩුලු 06 ක් දැවී ලකුණු 274ක් රැස්කිරීමට ශ්‍රී ලංකාව සමත්විය.

මුම්බායිහි වෙන්කඩේ ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූ අතර ඒ අනුව පළමුව පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක කුමාර් සංගක්කාර තීරණය කරනු ලැබීය.

ඒ අනුව ශ්‍රී ලංකාවේ ඉනිම නියමිත පන්දු වාර 50 තුළ ලකුණු 274 ට සීමාකිරීමට ඉන්දීය පන්දුයවන්නන් සමත්විය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ට පිති හරඹයක යෙදුණු මහේල ජයවර්ධන නොදැවී ලකුණු 103 ක් ලබාගත්තේය.

මේ වනවිට පන්දුවට පහරදෙමින් සිටින ඉන්දීය කණ්ඩායම පන්දු වාර 6 ක් තුළ එක් කඩුල්ලක් දැවී ලකුණු 31 ක් රැස්කරගෙන සිටියි.

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More