වතු කම්කරුවන්ගේ වැටුප් ගෙවීම සම්බන්ධයෙන් වු නව ගිවිසුමකට එළඹීම සඳහා කම්කරු වෘත්තීය සමිති සහ හාම්පුතුන්ගේ සාකච්ඡාවක් හෙට පැවැත්වේ.
කම්කරු වැටුප තීරණය කිරීම සඳහා 2009 වසරේදී අත්සන් තැබු ගිවිසුමේ කාලය මාර්තු 31 වන දිනෙන් අවසන් වීම මීට හේතුවයි.
සෑම වසර දෙකකටම වරක් ගිවිසුම අලුත් කිරීමට කම්කරුවන් සහ හාම්පුතුන් එකඟතාවකට පැමිණ තිබුණි.
ඒ අනූව ලංකා කම්කරු කොන්ග්‍රසය , ලංකා ජාතික වතුකම්කරු සංගමය සහ ඒකාබද්ධ වතු වෘත්තීය සමිති මධ්‍යස්ථානය මෙම සාකච්ඡා සඳහා සහභාගී වීමට නියමිතය.
මේ අතර වතු කම්කරුවෙකුගේ වැටුප රුපියල් 750 දක්වා ඉහළ නැංවිය යුතු බව සමස්ත ලංකා වතුකම්කරු සංගමය පවසයි.
0 comments:
Post a Comment