ශ්‍රී ලංකාව සහ අමෙරිකාව අතර සබඳතා ශක්තිමත් කිරීම සඳහා සියලුදෙනාගේ සහය අවශ්‍ය බව අමෙරිකානු කොංග්‍රස් මණ්ඩල සභිකයින් කිහිපදෙනෙකු ප්‍රකාශ කර තිබේ.
වසර 30 ක් පුරා පැවති ත්‍රස්තවාදය නිමා කර දෙවසරක් ගෙවී යද්දි ශ්‍රී ලංකාව ලබා තිබෙන ප්‍රගතිය පිළිබඳ අවධානය යොමු කර ඊට සහය විය යුතු බව ඔවුන් පවසයි.
ශ්‍රි ලංකාව වෙනුවෙන් පත්කර සිටින කොංග්‍රස් මණ්ඩල සභිකයින් වන ක්‍රිස් වැන් හොලන් සහ රොබට් ඇඩහෝල්ට් සිය සහෘදයින්ගෙන් අදාළ ඉල්ලීම සිදුකර තිබෙන බව සඳහන්ය.
බහුපාක්ෂික සහ බහුවාර්ගික රටක් වශයෙන් ත්‍රස්තවාදය පරාජය කළ ශ්‍රී ලංකාව යළි ගොඩනැගෙමින් තිබෙන බව කොංග්‍රස් මණ්ඩල සභිකයින් වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.
0 comments:
Post a Comment