ජන සෙවණ නිවාස දස ලක්ෂයේ වැඩසටහන යටතේ මේ වසර ඇතුළත නිවාස 60,000 ක් ඉදිකිරීමට නියමිත බව ජාතික නිවාස සංවර්ධන අධිකාරිය පවසයි.
මේ සඳහා සෙවණ අරමුදල සහ ධන පරිත්‍යාග යොදාගැනීමට නියමිත බව එහි සාමාන්‍යාධිකාරී එල්.එස්. පලංසූරිය මහතා පැවසුවේය.
එම නිවාස අවශ්‍යයෙන්ම නිවාස ලැබිය යුතු ඉතා දිළිඳු ජනතාව වෙත ලබාදීමට නියමිත බව පලංසූරිය මහතා සඳහන් කළේය.
ඊට අමතරව අඩු ආදායම් ලාභී සහ මධ්‍ය ආදායම්ලාභී ජනතාව සඳහා රජයේ ණය ආධාර යටතේ නිවාස යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට නියමිත බව ඔහු වැඩිදුරටත් පැවසුවේය.
0 comments:
Post a Comment