2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේදී ඉන්දීය කණ්ඩායම එරෙහිව කඩුලු 06 ක් දැවී ලකුණු 274ක් රැස්කිරීමට ශ්‍රී ලංකාව සමත්විය.
මුම්බායිහි වෙන්කඩේ ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූ අතර ඒ අනුව පළමුව පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක කුමාර් සංගක්කාර තීරණය කරනු ලැබීය.
ඒ අනුව ශ්‍රී ලංකාවේ ඉනිම නියමිත පන්දු වාර 50 තුළ ලකුණු 274 ට සීමාකිරීමට ඉන්දීය පන්දුයවන්නන් සමත්විය.
ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ට පිති හරඹයක යෙදුණු මහේල ජයවර්ධන නොදැවී ලකුණු 103 ක් ලබාගත්තේය.
මේ වනවිට පන්දුවට පහරදෙමින් සිටින ඉන්දීය කණ්ඩායම පන්දු වාර 6 ක් තුළ එක් කඩුල්ලක් දැවී ලකුණු 31 ක් රැස්කරගෙන සිටියි.
0 comments:
Post a Comment