විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වැටුප් අර්බුදය සම්බන්ධයෙන් හෙට උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා සමග විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන බව විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසයි.
හෙට පැවැත්වෙන සාකච්ඡාවේ දී සිය ගැටලුව සඳහා යහපත් ප්‍රතිචාරයක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බව එම සම්මේලනයේ සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා සදහන් කළේ ය.
කෙසේවුවත් ලබන 9 වැනිදා සිට ස්වේච්ඡා තනතුරුවලින් ඉවත්වීමට ගෙන ඇති වෘත්තීය ක්‍රියාමාර්ගයෙහි කිසිදු වෙනසක් සිදුනොවන බවද ඔහු අවධාරණය කර සිටියේය.
වැටුප් වැඩිවීමට අදාළව චක්‍රලේඛයක් නිකුත් කරන තුරු අදාළ වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා වැඩිදුරටත් කියා සිටියේය.
0 comments:
Post a Comment