සරත් ෆොන්සේකා මහතා සිරගත කිරීම දේශපාලන වුවමනාවක් මත සිදුවූවක් බවට ඉදිරියේ දී රැස් වන 124 වන ජගත් පාර්ලිමේන්තු සැසියේ දී කරුණු ඉදිරිපත් කරන බව එක්සත් ජාතික පක්ෂය පවසයි.
එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයලත් ජයවර්ධන මහතා සඳහන් කර සිටියේ මීට ඉහත දී එක්සත් ජාතික පක්ෂය විසින් ඉදිරිපත් කළ පැමිණිල්ල ඉදිරි ජගත් පාර්ලිමේන්තු සැසියේ දී දෙවන වර විභාගයට ගැනීමට නියමිත බවයි.
එහි දී තමා සහ එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් තිස්ස අත්තනායක මහතා කරුණු ඉදිරිපත් කිරීම සඳහා අදාළ සැසියට සහභාගී වන බව ජයලත් ජයවර්ධන මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය.
0 comments:
Post a Comment