මෙරටට පිටි ආනයනය කරනු ලබන සමාගම් අතරින් සෙරන්ඩිබ් ආයතනය ඒකමතිකව පිටි මිල වැඩි කිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් නීතීමය ක්‍රියාමාර්ග ගන්නා බව සමූපකාර හා අභ්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.
පාරිභෝගික ආරක්ෂක පනතේ 18 වගන්තිය යටතේ මෙලෙස නීතීමය ක්‍රියාමාර්ග ගන්නා බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.
පාරිභෝගික කටයුතු අමාත්‍යාංශයේ අද(18) පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
මේ අතර භාණ්ඩ මිල ප්‍රදර්ශනය නොකරන නිෂ්පාදන සමාගම් වලට සහ අලෙවිකරුවන්ට එරෙහිව නීතීමය ක්‍රියාමාර්ග ගන්නා බව ද ජොන්ස්ටන් ප්‍රානාන්දු අමාත්‍යවරයා එහි දී ප්‍රකාශ කළේය.
0 comments:
Post a Comment