පසුගිය කාලයේ විවිධ ත්‍රස්ත ක්‍රියා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එල්.ටී.ටී.ඊ සැකකරුවන් 82 දෙනෙකු තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
ත්‍රස්ත මර්දන කාර්යාංශය හා රහස් පොලිසිය මගින් අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.
මෙම සැකකරුවන්ට අදාළ සියලුම පරීක්ෂණ වාර්තා නීතිපතිවරයා වෙත ඉදිරිපත් කර ඇති බව පොලිසිය අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.
නීතිපති උපදෙස් ලැබීමෙන් අනතුරුව සැකකරුවන් සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බව පොලිසිය අධිකරණය හමුවේ දන්වා ඇත.
කරුණු සලකා බැලූ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය සැකකරුවන් ලබන 26 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට නියෝග කරනු ලැබීය.
0 comments:
Post a Comment