
කොබෙයිගනේ ප්‍රදේශයේ නියාගම , තෙලහැර සහ අබලයාගම යන ගම්මානවලට ඇතෙකු සහ අලි තිදෙනකු කඩා වැදී වගා හා දේපල හානී සිදුකර තිබේ.
අද අලුයම අදාළ ගම්මාන වලට කඩා වැදුණු එම වන අලීන් නිවාස දෙකකට හානි සිදු කර ඇති බව කොබෙයිගනේ පොලිසිය ප්‍රකාශ කරයි.
ගම්මානයේ වගාබිම් කිහිපයක් ද අලි ඇතුන් විසින් විනාශ කර ඇති බව වාර්තා වේ.
වන ජීවි නිලධාරීන්ගේ සහය ඇතිව එම අලි ඇතුන් වනයට පන්නා දමා ඇති බව පොලිසිය ප්‍රකාශ කරයි.
...