Time & Date in Sri Lanka

Friday, September 30, 2011

පුනරුත්ථාපනය වූ හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් පිරිසක් යළි සමාජයට

එල්.ටී.ටී.ඊ. සාමාජිකයින්ව සිටි පිරිසක් පුනරුත්ථාපනය කිරීමෙන් පසු යළි සමාජ ගත කිරීම අද(30) සිදුකෙරුණි.

මෙලෙස සමාජ ගත කෙරුණු පිරිසට තරුණ තරුණියන් 1800 දෙනෙකු ඇතුළත්ය.

එම පිරිස ඔවුන්ගේ මව්පියන් වෙත බාර කිරීම අරලියගහ මන්දිරයේදී අද සිදුකෙරුණි.

නව ජීවිතයක් ආරම්භ කිරීම සඳහා අදාළ පිරිසට දැන් අවස්ථාව උදා වී ඇති බව ඒ වෙනුවෙන් පැවති උත්සවයට එක්වෙමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේය.

එම අවස්ථාවෙන් නිසි ප්‍රයෝජන ගත යුතු බවට ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

0 comments:

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More