
ටෙලිකොම් සමාගම විසින් කරන ලද පැමිණිල්ලකට අනුව රහස් පොලිසිය මෙම පරීක්ෂණ ආරම්භ කර ඇති බව සඳහන්ය.
මේ සම්බන්ධයෙන් ගම්පහ ප්‍රදේශයේ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු රුපියල් ලක්ෂයක ඇප මත මුදා හැර ඇති බව පොලිසිය අධිකරණයට දන්වා ඇත.
සැකකරු ටෙලිකොම් පරිගණක දත්ත ගබඩාවට අයුතු ලෙස ඇතුළු වී එම දත්ත වෙනස් කර එම ආයතනයේ සේවා බලාපොරොත්තු නොවන ආයතනවලට ද එහි සේවාවන් ලබාගැනීමට අවස්ථාව සලසා ඇති බව පොලිසිය ලබාදුන් වාර්තාවේ සඳහන්ය.
අදාළ සැකකරුට ලබන 26 වැනිදා අධිකරණයට ඉදිරිපත් වන ලෙස නියෝග කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මහී විජේවීර මහතා එදිනට පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ගොනු කරන ලෙස පොලිසියට නියෝග කර තිබේ.
2 comments:
mama maattu wuna ne.oka internet 1k daana one da???:p
Okkun wa hack korannamai owna.. magula..
Post a Comment