Time & Date in Sri Lanka

Friday, September 2, 2011

අල්ලස් ගත් දිස්ත්‍රික් කළමනාකරු රිමාන්ඩ්

අල්ලස් චෝදනා මත අත්අඩංගුවට ගත් මධ්‍යම පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ මහනුවර දිස්ත්‍රික් කළමනාකාරවරයා ලබන 16 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

බස් රථයක මාර්ග බලපත්‍රයක හිමිකාරීත්වය ලබාදීම සඳහා රුපියල් දස දහසක මුදලක් අල්ලස් වශයෙන් ලබාගැනීමේ දී අත්අඩංගුවට ගත් බව සැකකරු සම්බන්ධයෙන් අල්ලස් කොමිසම, අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින් සඳහන් කර ඇත.

අදාළ මුදල මධ්‍යම පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපතිවරයාට දිය යුතු බව පවසමින් ලබාගෙන ඇති බව ද අල්ලස් කොමිසම අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබේ.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලු මහේස්ත්‍රාත්වරයා සැකකරු ලබන 16 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට සහ එදිනට පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස නියෝග කර ඇත. 

0 comments:

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More