ගංජා තොගයක් ප්‍රවාහනය කරමින් සිටි හම්බන්තොට සුරාබදු කාර්යාලයේ ස්ථානාධිපතිවරයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
තණමල්විල, උඩවලව ප්‍රදේශයේ මාර්ග බාධකයක දී කැබ් රථයක් පරීක්ෂා කළ පොලිස් නිලධාරීන් විසින් මෙම ගංජා තොගය සොයාගෙන ඇති බව සඳහන්ය.
කැබ් රථයේ තිබී ගංජා කුඩු කිලෝග්‍රෑම් 111 ක් සහ වියළි ගංජා කිලෝග්‍රෑම් 131ක් ද සොයාගත් බව පොලිසිය පවසයි.
මොණරාගල පොලිසියේ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.
ගංජා තොගය ප්‍රවාහනය කළ බවට සැකකෙරෙන හම්බන්තොට සුරාබදු කාර්යාලයේ ස්ථානාධිපතිවරයා හම්බන්තොට, සිරිබෝපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව අනාවරණය වී තිබේ.

0 comments:
Post a Comment