Time & Date in Sri Lanka

Friday, September 16, 2011

දකුණු අධිවේගී මාර්ගය විවෘත කිරීමේ දිනය ගැන තවම තීරණයක් නෑ

දක්ෂිණ අධිවේගී මාර්ගය විවෘත කරන දිනය සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව වරාය මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය නිර්මල කොතලාවල මහතා පවසයි.

අදාළ මාර්ගය මෙම වසර ඇතුළත විවෘත කිරීමට අපේක්ෂා කරන බව ඔහු සඳහන් කරයි.

එම මාර්ගයේ ඉදිකිරීම් අවසන් කර ඇති නමුත් ඊට අදාළ සහය සේවාවන්ට අදාළ ඉදිකිරීම් සහ යටිතල පහසුකම් සකස් කිරීම සිදුකරමින් පවතින බව නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වාදෙයි.

අදාළ සියලු ඉදිකිරීම් අවසන් වීමෙන් අනතුරව දක්ෂිණ අධිවේගී මාර්ග‍ය විවෘත කෙරෙන බව ඔහු පවසයි.

සැප්තැම්බර් මාස‍ය වන විට එම මාර්ගය විවෘත කිරීමට මීට පෙර සැලසුම් කර තිබුණි.

0 comments:

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More