
යාපනය, පුනරීන් ප්‍රදේශයේ සිවිල් පරිපාලන කටයුතුවලට ආරක්ෂක අංශවල මැදිහත්වීම් සිදුවීම සම්බන්ධව අප්‍රසාදය පළකරමින් ජනාධිපතිවරයා වෙත එවන ලද ලිපියකින් ඒ මහතා මේ බව දැනුම් දී ඇත.
මෑතකදී පැවැත්වුණු පළාත් පාලන මැතිවරණයේදී පරාජයට පත් දේශපාලන පක්ෂයක ක්‍රියාකාරකම් පිළිබඳව බලවත් විරෝධය මෙන්ම අප්‍රසාදය පළකරන බව සංගරී මහතා සිය ලිපියෙන් පෙන්වා දී තිබේ.
මැතිවරණයේදී වෙනත් පක්ෂ සඳහා බාධා එල්ල කළ ආරක්ෂක අංශ සාමාජිකයින් එම පරාජිත පක්ෂයේ ප්‍රචාරණ කටයුතු සඳහා සහයෝගය ලබාදුන් බවට ද ඔහු චෝදනා එල්ල කර ඇත.
එමෙන්ම එම පක්ෂය සමුපකාර නිලවරණය ජයග්‍රහණය කිරීම වෙනුවෙන් ද ආරක්ෂක අංශ සහයෝගය ලබාගැනීමට කටයුතු කරන බව ආනන්දසංගරී මහතා පෙන්වාදෙයි.
නිසි පරිදි රාජකාරි කටයුතු සිදුකරන ආරක්ෂක අංශ නිලධාරීන් වෙත ගෞරවය පිරිනමන බවත්, නමුත් ඇතැම් නිලධාරීන් ආරක්ෂක අංශවල කීර්ති නාමයට හානිවන අයුරින් කටයුතු කරන බවත් හෙතෙම සඳහන් කරයි.
ඇතැම් හමුදා නිලධාරීන්ගේ ක්‍රියාකාරකම් නිසා එම ප්‍රදේශවල ජනතාව බියෙන් පසුවන බව ද ආනන්දසංගරී මහතා ප්‍රකාශ කරයි.
එමෙන්ම යාපනයේ එක් එක් සමුපකාර සංගම්වලින් හමුදා නිලධාරීන් පිරිසක් රුපියල් මිලියනය බැගින් එකතු කර ඇති බවටත් ඒ මහතා සිය ලිපිය මගින් චෝදනා එල්ල කරයි.
මේ සම්බන්ධව මැදිහත්ව කටයුතු කරන ලෙසත්, අවශ්‍ය පරීක්ෂණ පවත්වා අදාළ හමුදා නිලධාරීන් සම්බන්ධව අවශ්‍ය පියවර ගැනීමට කටයුතු කරන ලෙසත් ඔහු වැඩිදුරටත් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියි.
0 comments:
Post a Comment