Time & Date in Sri Lanka

Saturday, October 22, 2011

මිනීමරුවන්ට මංකොල්ලකරුවන්ට මගේ ‍ගේට්ටුව වැහිලා

උණ්ඩය,බෝම්බය,කඩුව, කිණිස්ස රජ කරවන යුගයක් අද වන විට උදා වී ඇති බව එ.ජා.ප නියෝජ්‍ය නායක,පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

මේ තත්ත්වයට වගකිව යුත්තේ දේශපාලනඥයින් බව මන්ත්‍රීවරයා කියා සිටියේ අද පංචිකාවත්ත ශ්‍රී දේවි කරුමාරියම්මන් කෝවිලට ධන පරිත්‍යාගයක් කිරීමේන් අනතුරුව රැස්ව සිටි පිරිස අමතමිනි.

ටී.පනස් හයක්,ග්‍රේනේඩ් එකක් අරන් ජනතාව බිය ගන්වන අය තමන් මහා බලගතු දේශපාලනයක් කරන බව සිතා සිටින බව ප්‍රේමදාස මහතා පෙන්වා දුන්නේය.

දේශපාලනය කිරීම යනු දේශය පාලනය කිරීම පමණක් නොවන බවත්,දේශයට සේවය කිරීමත් එයින් අදහස් කෙරෙන බවත් හෙතෙම සඳහන් කළේය.

ඡන්දය ලබාගැනීම සඳහා සුජාත පුත්‍රයින් හා දියණියන් සේ ජනතාව අතරට යන අය රාජ්‍ය බලය නමැති හැන්ද තමන් අතට ලැබුණු පසු තමන් බලයට පත් කළ ජනතාවටම එරෙහිව උණ්ඩය පාවිච්චි කරන බව ප්‍රේමදාස මහතා පැවසීය.

තමන්ගේ වීරවිල නිවසේ ගේට්ටුවේ සවි කළ පුවරුවකින් මිනීමරුවන්ට,මංකොල්ලකාරයින්ට උදව් නොකරන බැවින් පැමිණීමෙන් වළකින ලෙස දන්වා ඇති බවත්,එසේ වුවද සාමාන්‍ය ජනයාට ඕනම මොහොතක තමන් හමුවීමට ඉඩ ප්‍රස්ථාව ඇති බවත් සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කළේය.

Saturday, October 8, 2011

මුල්ලේරියාවට පොලිස් ඇඳිරි නීතිය පනවයි

අද(08) පස්වරු 3 .30 ට පමණ මුල්ලේරියාව පොලිස් වසමේ සිදුවූ වෙඩි තැබීමක් හේතුකොට ගෙන මුල්ලේරියාව පොලිස් බල ප‍්‍රදේශය තුළ පමණක් වහාම ක‍්‍රියාත්මක වන පරිදි පොලිස් ඇඳිරි නීතිය පනවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක මැක්සි ප්‍රොක්ටර් මහතා පවසයි.

මෙම ඇඳිරි නීතිය 2011.10.09 දින පෙරවරු 6 .00 ට අවසන් වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

සාමකාමීව හැසිරීමෙන් නීතිය සහ සාමය ආරක්ෂා කිරීමට පොලීසියට සහාය වන ලෙස ද මැක්සි ප්‍රොක්ටර් මහතා ප‍්‍රදේශයේ ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Thursday, October 6, 2011

ස්ටීව් ජොබ්ස්ගේ දායකත්වය අගය කළ යුතුයි -ජනපති [1955-2011]

සියලුදෙනා විසින්ම ස්ටීව් ජොබ්ස්ගේ දායකත්වය මහත් සේ අගය කළ යුතු බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

‍ ඇපල් සන්නාමය ලොවට හඳුන්වා දුන් ස්ටීව් ජොබ්ස්ගේ මරණය පිළිබඳව ශෝකය පළකරමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළ බව ජනාධිපති මාධ්‍ය ඒකකයේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ප්‍රකාශ කළේය.

‍ 56 වන වියෙහි පසු වූ ස්ටීවී ජොබ්ස් ඊයේ(05) දිනයේ දී ජීවිතක්ෂයට පත්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනු ලැබීය.

ඇපල් සන්නාමය ලොවට හඳුන්වාදෙමින් දුරකථන ලෝකයට නව තාක්ෂණයක් හඳුන්වා දීමට මොහුට හැකිවිය.

2004 වසරේ සිට ස්ටීව් ජොබ්ස් පිළිකා රෝගයකින් පෙළුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඇපල් දුරකථන ජාලයට නව දුරකථන මාදිලියක් හඳුන්වා දී දිනයක් ඇතුළත මොහු මියයාම ද විශේෂත්වයක් වේ.

Sunday, October 2, 2011

මෙරටින් ස්වභාවික ගෑස් නිධියක් හමුවූ බව ජනපති කියයි

ශ්‍රී ලංකාවෙන් ප්‍රථමවරට ස්වභාවික ගෑස් නිධියක් හමුවී ඇති බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් අද(02) නිවේදනය කර ඇති බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.

Friday, September 30, 2011

පුනරුත්ථාපනය වූ හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් පිරිසක් යළි සමාජයට

එල්.ටී.ටී.ඊ. සාමාජිකයින්ව සිටි පිරිසක් පුනරුත්ථාපනය කිරීමෙන් පසු යළි සමාජ ගත කිරීම අද(30) සිදුකෙරුණි.

මෙලෙස සමාජ ගත කෙරුණු පිරිසට තරුණ තරුණියන් 1800 දෙනෙකු ඇතුළත්ය.

එම පිරිස ඔවුන්ගේ මව්පියන් වෙත බාර කිරීම අරලියගහ මන්දිරයේදී අද සිදුකෙරුණි.

නව ජීවිතයක් ආරම්භ කිරීම සඳහා අදාළ පිරිසට දැන් අවස්ථාව උදා වී ඇති බව ඒ වෙනුවෙන් පැවති උත්සවයට එක්වෙමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේය.

එම අවස්ථාවෙන් නිසි ප්‍රයෝජන ගත යුතු බවට ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

Thursday, September 22, 2011

බලය නොලැබුණොත් ජ.වි.පෙ කැරලිකාරීන්ගෙන් ස්වාධීන ගමනක්..?

ජනතා විමුක්ති පෙරමුණේ කැරලිකාර කණ්ඩායමට පක්ෂයේ බලය නොලැබුණහොත් එම පිරිස ස්වාධීන විප්ලවවාදී පක්ෂයක් ලෙස දේශපාලන කටයුතු අඛණ්ඩව කරගෙන යනු ඇති බව පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග කියා සිටියි.

එසේ වුවද පක්ෂය තුළ මෙන්ම පිටතද අවසන් මොහොත දක්වාම සිය බලය උරගා බලන්නට ඔවුන් තීරණය කර තිබේ. ජාතික ප්‍රශ්නය හා සන්ධාන දේශපාලනය පිළිබඳ ජනතා විමුක්ති පෙරමුණ දෙකඩවීමත් සමග එක් කණ්ඩායමක් අධිකරණමය ක්‍රියා මාර්ගයක් ගැනීමට සූදානම් වන බව කියැවෙයි.

සෝමවංශ අමරසිංහ මහතාගේ නායකත්වයෙන් යුතු සන්ධාන දේශපාලනය පිළිගන්නා කණ්ඩායමට අයත් වන්නේ ප්‍රසිද්ධියේ පෙනී සිටින ජ.වි.පෙ නායකයන්ය.

සන්ධාන දේශපාලනය ප්‍රතික්ෂේප කරමින් විප්ලවවාදී දේශපාලන පක්ෂයක් ලෙස ඉදිරියට ගමන් කළ යුතු බව පවසා සිටින්නේ ජ.වි.පෙ අභ්‍යන්තර නායකයකු ලෙස පෙනී සිටි කුමාර ඇතුළු පිරිසයි.

මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ ලියාපදිංචි නාම ලේඛනයට අනුව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලය සෝමවංශ අමරසිංහ,ටිල්වින් සිල්වා,අනුර කුමාර දිසානායක,විජිත හේරත්,කේ.ඩී ලාල්කාන්ත,ජී.කුලරත්න,පුබුදු ජාගොඩ,දිමුතු ආටිගල,යන ඇතුළත් වන අතර අභ්‍යන්තර දේශපාලන මණ්ඩලයට මෙම පිරිසට අමතරව කුමාර,ඕපාත,මාලන්,අශෝක,යන නායකයන්ද ඇතුළත්ව සිටියහ.

දේශපාලන මණ්ඩලයෙන් පුබුදු ජාගොඩ,දිමුතු ආටිගල,පමණක් නොව විප්ලවවාදී කණ්ඩායමේ සියලුම නායකයන් ඉවත් කිරීමට සෝමවංශ අමරසිංහ පිළ විසින් කටයුතු යොදා ඇති බව කියැවේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු ප්‍රසිද්ධ දේශපාලන නායකයින් කුමක් පැවසූවද පක්ෂයේ ඉහළ සිට බිම් මට්ටම දක්වා සංවිධාන ජාලය ඇත්තේ කුමාරගේ නායකත්වයෙන් බව සඳහන් වේ.

දින දෙකකට ඉහත දිනය දක්වාම පක්ෂයේ අර්බුද විසඳීම සඳහා මහා සම්මේලනය කැඳවීමට තීරණය කර තිබුණද 12 සහ 13 ලෙස බෙදී ඇති මධ්‍යම කමිටුවෙන් වැඩි බලයක් ලෙස එක ඡන්දයක් ඊයේ දිනයේ තමන්ට ලැබීමත් සමග සෝමවංශ පිළ සිය තීරණය වෙනස් කොට තිබේ.

ඒ නිසාම සෝමවංශ මහතාගේ නායකත්වයෙන් යුතු කණ්ඩායම පක්ෂයෙන් ඉවත් කිරීම සඳහා කුමාර ඇතුළු පිළ විසින් මේවන විට පක්ෂයේ දහසක් අභ්‍යන්තර නායකයින්ගෙන් අත්සන් ලබාගෙන පක්ෂ සම්මේලනයක් කැඳවීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අධිකරණමය ක්‍රියා මාර්ගයක් ගැනීමට සූදානම් වේ.

කෙසේ වෙතත් මේවන විට පක්ෂයේ මාධ්‍ය ඒකකය මුළුමනින්ම විසුරුවා ඇති අතර ප්‍රසිද්ධ නායකයින් හා කැරලිකාර නායකයින් තම තමන්ගේ බලය උරගා බලමින් සිටියි.

Saturday, September 17, 2011

Sri Lanka Telecom අන්තර්ජාල [Broadband] ගාස්තු අඩු කරයි...


ශ්‍රි ලංකාවෙ ප්‍රධානතම සන්නිවේදන සේවා සැපයුම් කරුවන Sri Lanka Telecom අන්තර්ජාල ගාස්තු පහල දමා ඇත [Broadband] .. ගාස්තු පහල දැමීම සමගම විශේශ සේවාවන් කිහිපයක්ද එක්කර ඇත...











Broadband Packages
Volume Based Packages
With Entrée and new exciting PLUS packages, now you can surf the internet with super speed for a lesser price
Package Name
Speeds (Download/ Upload)
Free Usage (GB per month)
Startup Fee
(Rs.)
Usage Charge (Rs.)
Charge
for each additional
1MB (Rs.)
Remarks
Special Offer
Entrée
1Mbps/ 128Kbps
1.5
500
500
00.35
Maximum limit is Rs.3,500
Speed will reduce to 64 Kbps after threshold limit of 18 GB
1 Email account free
Web Surfer Plus
1Mbps/ 128Kbps
10
1,000
1,390
00.35
-
1 Email account free
Web Pro Plus
2Mbps/
256Kbps
20
1,000
3,500
00.35
-
2 Email accounts free
Web MasterPlus
4Mbps/ 512Kbps
40
1,000
8,000
00.35
-
5 Email accounts free
5 MB free web space
DNS & VMS free (Note 01)

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More