Time & Date in Sri Lanka

Tuesday, January 11, 2011

තැපැල් ඡන්ද අයදුම් කිරීමේ දින ගණන දීර්ඝ කරයි


ඉදිරියේ පැවැත්වීමට නියමිත පළාත් පාලන ඡන්ද විමසීම සඳහා තැපැල් ඡන්ද අයදුම් කිරීමට අදාළව වෙන්ව ඇති සාමාන්‍ය දින ගණන දීර්ඝ කිරීමට මැතිවරණ කොමසාරිස්වරයා තීරණය කර තිබේ.

නාමයෝජනා දැන්වීම් පළ කළ දිනයේ සිට දින දහයක කාලයක් තැපැල් ඡන්ද අයදුම් පත් භාරගැනීමට සාමාන්‍යයෙන් වෙන්වන බව මැතිවරණ කොමසාරිස් දයානන්ද දිශානායක මහතා පවසයි.

එහෙත් අදාළ කාලසීමාව ප්‍රමාණවත් නොවන බැවින් තවත් දින කිහිපයකින් තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීමේ කාලසීමාව දීර්ඝ වනු ඇත.

මෙවර පළාත් පාලන මැතිවරණයේ නාමයෝජනා භාරගැනීමට අදාළ නිවේදනය පසුගිය 6 වැනිදා ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ අනුව ලබන 16 වැනිදායින් අවසන් වීමට නියමිත තැපැල් ඡන්ද භාරගැනීමේ කාල සීමාව මේ යටතේ දීර්ඝ වනු ඇත.

අවසන් වරට පැවති පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා භාවිත කර ඇත්තේ 2008 ඡන්ද හිමි නාමලේඛනය බැවින් එය මෙවර පැවැත්වෙන පළාත් පාලන මැතිවරණය සඳහා වලංගු නොවන බව ද මැතිවරණ ම‍හලේකම් කාර්යාලය පවසයි.

මේ හේතුවෙන් 2009 ඡන්ද හිමි නා‍මලේඛනය යටතේ තැපැල් ඡන්ද සඳහා අයදුම් කිරීමට කටයුතු කරන ලෙස මැතිවරණ මහලේකම් කාර්යාලය දැනුම්දෙයි.

0 comments:

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More