ඉන්දීය ගුවන් හමුදාපතිවරයා නිල සංචාරයක් සඳහා හෙට(16) දිවයිනට පැමිණීමට නියමිතය.
ඉන්දීය ගුවන් හමුදාපති එයාර් චීෆ් මාෂල් පී. වී. නයික් මහතාගේ මෙම සංචාරයේ දී මෙරට ආරක්ෂාව සම්බන්ධ කරුණු රැසක් සාකච්ඡා කෙරෙනු ඇති බව ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානය පවසයි.
ඉන්දීය ගුවන් හමුදාපතිවරයා සිය සංචාරයේ දී ජනාධිපතිවරයා, ආරක්ෂක ලේකම්වරයා, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා ඇතුළු ත්‍රිවිධ හමුදා ප්‍රධානීන් ද හමුවනු ඇත.
ඉන්දීය ගුවන් හමුදාපතිවරයාගේ තෙදින නිල සංචාරයේ දී ඔහු මෙරට ගුවන් හමුදා කඳවුරුවල ද සංචාරය කිරීමට නියමිත බව ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානය සඳහන් කරයි.
0 comments:
Post a Comment