ඕස්ට්‍රේලියානු නාවික හමුදාවට අයත් එච්. එම්. ඒ. එස් මෙල්බෝන් නැමැති යුද නෞකාව සුහද සංචාරයක් සඳහා අද(22) උදෑසන කොළඹ වරායට පැමිණ තිබේ.
අදාළ නෞකාව නාවික හමුදා සම්ප්‍රදායට අනුව පිළිගනු ලැබූ බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් අතුල සෙනරත් මහතා සඳහන් කළේය.
මීටර් 137 ක දිගින් යුතු ෆ්‍රිගේ ඝනයට අයත් මෙම නෞකාවෙහි කාර්යය මණ්ඩලය නිලධාරීන් 28 දෙනෙකු සහ නාවිකයින් 191 දෙනෙකු යුතු බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
අදාළ නෞකාව මෙම මස 28 වැනි දින දක්වා මෙරට රැදී සිටිමට නියමිතය.
0 comments:
Post a Comment