Time & Date in Sri Lanka

Thursday, February 17, 2011

ක්‍රිකට් ලෝක කුසලාන සමාරම්භක උළෙල ඇරඹෙයි

2011 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ සමාරම්භක උළෙල සුළු මොහොතකට පෙර බංග්ලාදේශයේ බන්ගබන්ධු ක්‍රීඩාංගණයේදී ආරම්භ විය.‍ ලෝක කුසලාන තරගාවලියේ පළමු තරගය මේ මස 19දා බංග්ලාදේශය හා ඉන්දියාව අතර පැවැත්වීමට නියමිතව ඇත.‍ මෙවර ලෝක කුසලාන තරගාවලිය ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ බංග්ලාදේශය යන රටවල් කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන අතර එය පෙබරවාරි මස 19 වැනිදා සිට අප්‍රේල් මස 02 වනදා දක්වා පැවැත්වේ.‍ දසවැනි වරට පැවැත්වෙන මෙම තරගාවලිය සඳහා ලෝකයේ රටවල් දහහතරක් සහභාගි ...

Wednesday, February 16, 2011

මාතලේ පාසලක පිරිමි ළමුන් දෙදෙනෙකුට ගුරතුමාගෙන් ලිංගික පාඩමක්

මාතලේ නගරයේ පාසලක පිරිමි ළමුන් දෙදෙනෙකුට ලිංගික අතවර කළ බවට සැකපිට අළුවිහාර ප්‍රදේශයේ පාසල් ගුරුවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.සිද්ධියට සම්බන්ධ බව කියන රජයේ නිලධාරියෙකු ද අත් අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ආරම්භ කර ඇති බව මාතලේ මූලස්ථාන පොලිසිය පවසයි.වෙස් නැටුමකට සහභාගී වීමට යැයි පවසා අදාළ රජයේ නිලධාරියාගේ නිල රථයෙන් එම ළමුන් දෙදෙනා රැගෙන ගොස් ඇති බවට පරීක්ෂණ වලදී අනාවරණය වී තිබේ.සිද්ධියට සම්බන්ධ පාසල් ගුරුවරයාට ප්‍රදේශවාසීන් විසින් පහරදී ඇති අතර රෝහල්ගත කිරීමෙන් පසුව ඔහු රෝහලෙන් පැනගොස් සිටියදී පොලිස් අත් අඩංගුවට පත්ව ඇත.මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී මාතලේ ප්‍රාදේශීය ලේකම්වරයා සඳහන් කර සිටියේ අදාළ ළමුන් දෙදෙනා තම රථයෙන් රැගෙන ගිය ද අතවරයට ලක්වීමේ සිදුවීමක්...

උපේක්ෂා ෂූටිං, සැමියා කියයි-පහරදීමකින් රෝහලේ, ආරංචි මාර්ග පවසයි

නිවසේදී සිදුවූ කිසියම් පහරදීමක් හේතුවෙන් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු උපේක්ෂා ස්වර්ණමාලි මහත්මිය මේ වන විට රෝහල් ගත කර තිබේ.ඇගේ දුරකථනයට අප ඇමතිමේදී ඊට පිළිතුරු දුන් ඇගේ සැමියා කියා සිටියේ උපේක්ෂාට පහරදීමක් සිදුවූ බවට හා ඇය රෝහල් ගත කළ බවට පැතිර යන ආරංචි වල කිසිදු සත්‍යතාවයක් නැති බවයි.එසේම මේ වන විට තමන් සහ තම බිරිඳ කොළඹ ගංගාරාමය අසල රූගත කිරීම් අවස්ථාවකට සහභාගී වී සිටින බවද ඇගේ සැමියා කියා සිටියේය.එසේ වුවද උපේක්ෂා ස්වර්ණමාලි මහත්මිය මේ වන විට ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ 18 වන වාට්ටුයේ ප්‍රතිකාර ලබමින් සිටින බව ‍රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය එස්.ගමගේ මහතා සඳහන් කරයි.අප කළ විමසුමකට පිළිතුරු දෙමින් රෝහල් අධ්‍යක්ෂවරයා කියා සිටියේ කිසියම් හේතුවක් නිසා මන්ත්‍රීවරියගේ...

ශ්‍රී ලංකාවට එරෙහිව උද්ඝෝෂණයේ යෙදුණු මහ ඇමති දියණිය ඇතුළු දහසක් අත්අඩංගුවේ..!

ඡායා රූ-නක්කීරන් වෙබ් අඩවියෙන් උපුටා ගැනුණි.ශ්‍රී ලංකාවේ මුහුදු සීමාව උල්ලංඝණය කළ බවට චෝදනා නඟා ඉන්දීය ධීවරයින් අත්අඩංගුවට ගෙන ඇතැයි සඳහන් කරමින් හා ශ්‍රී ලංකා රජයේ ක්‍රියා කලාපයට එරෙහිව ද්‍රවිඩ මුන්නේත්‍ර කලහම්(ඩී.එම්.කේ)විසින් පවත්වන ලද උද්ඝෝෂණයේ දී විරෝධතාකරුවන් දහසකට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ.එහිදී තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය එම්.කරුණානිධි ගේ දියණිය වන එම්.කේ කනිමොහ්ලි ද අත්අඩංගුවට පත්වූවන් අතර වන බව ඉන්දීය මාධ්‍ය උපුටා දක්වයි.අද(16)පෙරවරුවේ රාජ්‍ය සභා මන්ත්‍රීවරියක වන එම්.කේ කනිමොහ්ලි ගේ නායකත්වයෙන් චෙන්නායිහි,මයිලපූර්-නායේෂ්වරා උද්‍යානයෙන් ආරම්භ වූ මෙම විරෝධතා පා ගමන ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය දක්වා පැමිණ ති‍බේ.ශ්‍රී...

Sunday, February 13, 2011

ආණ්ඩුව ඩ්‍රැකියුලා වෙලා ඊරිමාංශය උරාබොනවා

ඉදිරි මැතිවරණයෙන් පසු අත්‍යවශ්‍ය භාණ්ඩ මිල තවත් දෙතුන් ගුණයකින් ඉහළ යනු ඇති බව එක්සත් ජාතික පක්ෂය පවසයි.භාණ්ඩ මිල ඉහළ නැංවීමට සමාගම් රැසක් දැනටමත් ඉල්ලීම් කර තිබුණ ද මැතිවරණය අවසන් වන තෙක් රජය එය පාලනය කරමින් සිටින බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් මහතා කියා සිටියි.ආණ්ඩුව මේ වන විට ඩ්‍රැකියුලා සේ බදු පනවා බඩුමිල වැඩි කරමින්ජනතාවගේ ඊරි මාංශය උරාබොමින් සිටින බව ද,ඩ්‍රැකියුලාකරණයට ලක්වූ ආණ්ඩුව වහාම යහපත් පාලකයෙක් සහිත ජනතාවාදී පාලනයක් ස්ථාපිත කළ යුතු බව ද මන්ත්‍රීවරයා අද(13) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේය.බඩුමිල වැඩිවී ජනතාවට එදාවේල හරිහම්බ කර ගත නොහැකි තරමට උග්‍ර ජීවන අර්බුදයක් ඇතිවි තිබුණද ව‍ගේ...

Friday, February 4, 2011

විපතට පත්වූවන් මුදාගැනීමට ජීවිතාරක්ෂක කණ්ඩායම් 20 ක්

ජලගැලීම්වලින් විපතට පත්වූවන් මුදාගැනීම සඳහා ජීවිතාරක්ෂක කණ්ඩායම් 20 ක් යොදවා ඇති බව නාවික හමුදාව පවසයි.මඩකළපුව, ත්‍රිකුණාමලය, තෝපූර්, මහකනදරාව, මැදවච්චිය, පුල්මුඩේ සහ කැබිතිගොල්ලෑව යන ප්‍රදේශවලට මෙම කණ්ඩායම් යොදා ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් කෝසල වර්ණකුලසූරිය මහතා සඳහන් කළේය.මීට අමතරව අවශ්‍ය වුවහොත් ඕනෑම ප්‍රදේශයකට පිටත් කර හැරීම සඳහා ජීවිතාරක්ෂක කණ්ඩායම් සූදානම් කර ඇති බව ද නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කළේය.මේ අතර ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 11 ක් ජලගැලීම්වලට ලක්ව ඇති බව දිස්ත්‍රික් ලේකම් මේජර් ‍ජෙනරාල් ටී. ටී. ආර්. ද සිල්වා මහතා පවසයි.නිලධාරීන් ලබාදෙන උපදෙස් අනුව කටයුතු කිරීමට සියලු දෙනා...

Pages 291234 »
Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More