Time & Date in Sri Lanka

Sunday, February 13, 2011

ආණ්ඩුව ඩ්‍රැකියුලා වෙලා ඊරිමාංශය උරාබොනවා


ඉදිරි මැතිවරණයෙන් පසු අත්‍යවශ්‍ය භාණ්ඩ මිල තවත් දෙතුන් ගුණයකින් ඉහළ යනු ඇති බව එක්සත් ජාතික පක්ෂය පවසයි.

භාණ්ඩ මිල ඉහළ නැංවීමට සමාගම් රැසක් දැනටමත් ඉල්ලීම් කර තිබුණ ද මැතිවරණය අවසන් වන තෙක් රජය එය පාලනය කරමින් සිටින බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් මහතා කියා සිටියි.

ආණ්ඩුව මේ වන විට ඩ්‍රැකියුලා සේ බදු පනවා බඩුමිල වැඩි කරමින්ජනතාවගේ ඊරි මාංශය උරාබොමින් සිටින බව ද,ඩ්‍රැකියුලාකරණයට ලක්වූ ආණ්ඩුව වහාම යහපත් පාලකයෙක් සහිත ජනතාවාදී පාලනයක් ස්ථාපිත කළ යුතු බව ද මන්ත්‍රීවරයා අද(13) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේය.

බඩුමිල වැඩිවී ජනතාවට එදාවේල හරිහම්බ කර ගත නොහැකි තරමට උග්‍ර ජීවන අර්බුදයක් ඇතිවි තිබුණද ව‍ගේ වගක් නැති ආණ්ඩුව සුඛෝප භෝගී මෝටර් රථ ආනයනය කරමින් සිටින බව හෙතෙම පෙන්වා දුන්නේය.

ජනතාව මත අධික බදු බරක් පටවමින් සිටියද ධන කුවේරයන් වෙනුවෙන් ලිමසින් වර්ගයේ සුඛෝප භෝගී මෝටර් රථ ආනයනය කරන්නේ මගී ප්‍රවාහන බස් රථ සඳහා අය කරනු ලබන සාමාන්‍ය බදු යටතේ බවටද මන්ත්‍රීවරයා චෝදනා කළේය.

ගොවියා රජ කරවා බෞද්ධ රාජ්‍යයක් ස්ථාපිත කරන්නට පොරොන්දුවී බලයට පැමිණි වත්මන් ආණ්ඩුව මේ වන විට ගොවියා රජ කරවීම කෙසේ වෙතත් විශේෂ සූදු විධිවිධාන පනත යටතේ රට ජාත්‍යන්තර සූදු පිටියක් බවට පත් කර ඇතැයිද කාරියවසම් මහතා සඳහන් කළේය.

රටක මුදල් නෝට්ටුවක් අලුතින් මුද්‍රණය කරන්නේ ඒ රටේ ආර්ථිකයේ නැඟිම අනුව මුදල් ඉල්ලුම හා සැපයුම ගලපා බව කවුරුත් දන්නා නමුත් ආර්ථික වශයෙන් මෙතරම් අර්බුද කාරී තත්ත්වයක් නිර්මාණය වී තිබියදී ආණ්ඩුව විසින් 5000 ක මුදල් නෝට්ටුවක් හඳුන්වාදෙන්නට තීරණය කිරීම සිදුවන්නේ උද්ධමනය තවත් වැඩිවී භාණ්ඩ හා සේවා වල මිල තවත් ඉහළ යාම බව ද මන්ත්‍රීවරයා මෙහිදී පෙන්වාදුන්නේය.

0 comments:

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More