Time & Date in Sri Lanka

Friday, February 4, 2011

විපතට පත්වූවන් මුදාගැනීමට ජීවිතාරක්ෂක කණ්ඩායම් 20 ක්


ජලගැලීම්වලින් විපතට පත්වූවන් මුදාගැනීම සඳහා ජීවිතාරක්ෂක කණ්ඩායම් 20 ක් යොදවා ඇති බව නාවික හමුදාව පවසයි.

මඩකළපුව, ත්‍රිකුණාමලය, තෝපූර්, මහකනදරාව, මැදවච්චිය, පුල්මුඩේ සහ කැබිතිගොල්ලෑව යන ප්‍රදේශවලට මෙම කණ්ඩායම් යොදා ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් කෝසල වර්ණකුලසූරිය මහතා සඳහන් කළේය.

මීට අමතරව අවශ්‍ය වුවහොත් ඕනෑම ප්‍රදේශයකට පිටත් කර හැරීම සඳහා ජීවිතාරක්ෂක කණ්ඩායම් සූදානම් කර ඇති බව ද නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කළේය.

මේ අතර ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 11 ක් ජලගැලීම්වලට ලක්ව ඇති බව දිස්ත්‍රික් ලේකම් මේජර් ‍ජෙනරාල් ටී. ටී. ආර්. ද සිල්වා මහතා පවසයි.

නිලධාරීන් ලබාදෙන උපදෙස් අනුව කටයුතු කිරීමට සියලු දෙනා පියවර ගත යුතු බව දිස්ත්‍රික් ලේකම්වරයා ප්‍රකාශ කරයි.

මේ අතර අම්පාර දිස්ත්‍රික්‍කයේ ඉඟිනියාගල, ‍සේනානායක සමුද්‍රය ඇතුළු ජලාශ කිහිපයක් වාන් දමමින් තිබෙන බව දිස්ත්‍රික් ලේකම් සුනිල් කන්නන්ගර මහතා කියා සිටියේය.

මඩකළපුව දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක් ද ජල ගැලීම්වලට ලක්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරනු ලැබීය.

0 comments:

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More