Time & Date in Sri Lanka

Friday, February 4, 2011

විපතට පත්වූවන් මුදාගැනීමට ජීවිතාරක්ෂක කණ්ඩායම් 20 ක්


ජලගැලීම්වලින් විපතට පත්වූවන් මුදාගැනීම සඳහා ජීවිතාරක්ෂක කණ්ඩායම් 20 ක් යොදවා ඇති බව නාවික හමුදාව පවසයි.

මඩකළපුව, ත්‍රිකුණාමලය, තෝපූර්, මහකනදරාව, මැදවච්චිය, පුල්මුඩේ සහ කැබිතිගොල්ලෑව යන ප්‍රදේශවලට මෙම කණ්ඩායම් යොදා ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් කෝසල වර්ණකුලසූරිය මහතා සඳහන් කළේය.

මීට අමතරව අවශ්‍ය වුවහොත් ඕනෑම ප්‍රදේශයකට පිටත් කර හැරීම සඳහා ජීවිතාරක්ෂක කණ්ඩායම් සූදානම් කර ඇති බව ද නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කළේය.

මේ අතර ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 11 ක් ජලගැලීම්වලට ලක්ව ඇති බව දිස්ත්‍රික් ලේකම් මේජර් ‍ජෙනරාල් ටී. ටී. ආර්. ද සිල්වා මහතා පවසයි.

නිලධාරීන් ලබාදෙන උපදෙස් අනුව කටයුතු කිරීමට සියලු දෙනා පියවර ගත යුතු බව දිස්ත්‍රික් ලේකම්වරයා ප්‍රකාශ කරයි.

මේ අතර අම්පාර දිස්ත්‍රික්‍කයේ ඉඟිනියාගල, ‍සේනානායක සමුද්‍රය ඇතුළු ජලාශ කිහිපයක් වාන් දමමින් තිබෙන බව දිස්ත්‍රික් ලේකම් සුනිල් කන්නන්ගර මහතා කියා සිටියේය.

මඩකළපුව දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක් ද ජල ගැලීම්වලට ලක්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරනු ලැබීය.

Wednesday, January 26, 2011

ෆොන්සේකාගේ පෙත්සම් විභාගය මාර්තු 23 ට කල්යයි ෆොන්සේකාගේ පෙත්සම් විභාගය මාර්තු 23 ට කල්යයි


1 වන යුද අධිකරණයේ විනිසුරුවරුන්ගේ පත්කිරීම අභියෝගයට ලක්කරමින් හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතා විසින් ඉදිරිපත් කරන ලද පෙත්සම විභාග කිරීම මාර්තු මස 14 දක්වා කල් තැබීමට අභියාචනාධිකරණය විසින් තීන්දු කර තිබේ.

අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේ පෙත්සම්කාර සරත් ෆොන්සේකා මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ්ද සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ තමන්‍ ගේ සේවාදායකයා අද දින අධිකරණයට ඉදිරිපත් කර නොමැති බැවින් මෙම නඩු විභාගය කල්දමන ලෙසයි.

එම ඉල්ලීමට කන්දෙමින් අභියාචනාධිකරණයේ සභාපති සත්‍යයා හෙට්ටිගේ ප්‍රමුඛ ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල මෙම පෙත්සම් විභාගය මාර්තු මස14 දක්වා කල්තැබීමට නියෝග කරන ලදී.

1වන යුද අධිකරණයේ විනිසුරු මඩුල්ලේ ක්‍රියා කලාපය පක්ෂග්‍රහීව සිදුවන බැවින් එයින් තමාට සාධාරණයක් ඉෂ්ඨ නොවන බවත්,එබැවින් මෙම විනිසුරු මඩුල්ලේ පත්කිරීම බල රහිත කරන ලෙසත් ඉල්ලා ෆොන්සේකා මහතා විසින් මෙම පෙත්සම ගොනු කර තිබිණි.

Saturday, January 22, 2011

ඕස්ට්‍රේලියානු යුද නැවක් මෙරටට ළඟාවෙයි

ඕස්ට්‍රේලියානු නාවික හමුදාවට අයත් එච්. එම්. ඒ. එස් මෙල්බෝන් නැමැති යුද නෞකාව සුහද සංචාරයක් සඳහා අද(22) උදෑසන කොළඹ වරායට පැමිණ තිබේ.

‍ අදාළ නෞකාව නාවික හමුදා සම්ප්‍රදායට අනුව පිළිගනු ලැබූ බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් අතුල සෙනරත් මහතා සඳහන් කළේය.

‍ මීටර් 137 ක දිගින් යුතු ෆ්‍රිගේ ඝනයට අයත් මෙම නෞකාවෙහි කාර්යය මණ්ඩලය නිලධාරීන් 28 දෙනෙකු සහ නාවිකයින් 191 දෙනෙකු යුතු බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

‍ අදාළ නෞකාව මෙම මස 28 වැනි දින දක්වා මෙරට රැදී සිටිමට නියමිතය.

Saturday, January 15, 2011

ඉන්දීය ගුවන් හමුදාපති හෙට දිවයිනට


ඉන්දීය ගුවන් හමුදාපතිවරයා නිල සංචාරයක් සඳහා හෙට(16) දිවයිනට පැමිණීමට නියමිතය.

ඉන්දීය ගුවන් හමුදාපති එයාර් චීෆ් මාෂල් පී. වී. නයික් මහතාගේ මෙම සංචාරයේ දී මෙරට ආරක්ෂාව සම්බන්ධ කරුණු රැසක් සාකච්ඡා කෙරෙනු ඇති බව ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානය පවසයි.

ඉන්දීය ගුවන් හමුදාපතිවරයා සිය සංචාරයේ දී ජනාධිපතිවරයා, ආරක්ෂක ලේකම්වරයා, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා ඇතුළු ත්‍රිවිධ හමුදා ප්‍රධානීන් ද හමුවනු ඇත.

ඉන්දීය ගුවන් හමුදාපතිවරයාගේ තෙදින නිල සංචාරයේ දී ඔහු මෙරට ගුවන් හමුදා කඳවුරුවල ද සංචාරය කිරීමට නියමිත බව ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානය සඳහන් කරයි.

Friday, January 14, 2011

ෆොන්සේකා නිදහස් කළොත් ගංවතුර නවතියි -දයාසිරි


බන්ධනාගාරගතව සිටින සරත් ෆොන්සේකා මහතාට නිදහස ලබාදෙන්නේ නම් ජල ගැලීම්, ගංවතුර තත්ත්ව නිසා ජනතාව අවතැන්වීම නතරවනු ඇති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි.

ස්වභාවික ආපදා තත්ත්වය නිසා විපතට පත්ව සිටින ජනතාවට ආධාර ලබාදීම සඳහා ඊයේ(13) පැවති කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී යෝජනාවක් සම්මත කරගත් බව ද ඔහු සඳහන් කරයි.

අද(15) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේය.

එම යෝජනාවට අනුව සියලු පාක්ෂිකයන් අමතා ආධාර මුදල් හෝ ද්‍රව්‍ය එක්රැස් කිරීම සඳහා වහාම හදිසි වැඩපිළිවෙළක් සකස් කිරීමට තීරණය කළ බව ද එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජයසේකර මහතා අවධාරණය කර සිටියේය.

රජයට මෙම දේව සාපය වැදී ඇත්තේ සරත් ෆොන්සේකා මහතා බන්ධනාගාරගත කර ඇති නිසා බවත්, ඔහුට නිදහස ලබාදුන්නහොත් නැවත සාමකාමීව ජීවත්විය හැකි පරිසරයක් සැකසෙනු ඇති බව ද දයාසිරි ජයසේකර මහතා කියා සිටියේය.

ෆොන්සේකා නිදහස් කළොත් ගංවතුර නවතියි -දයාසිරි

බන්ධනාගාරගතව සිටින සරත් ෆොන්සේකා මහතාට නිදහස ලබාදෙන්නේ නම් ජල ගැලීම්, ගංවතුර තත්ත්ව නිසා ජනතාව අවතැන්වීම නතරවනු ඇති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි.

ස්වභාවික ආපදා තත්ත්වය නිසා විපතට පත්ව සිටින ජනතාවට ආධාර ලබාදීම සඳහා ඊයේ(13) පැවති කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී යෝජනාවක් සම්මත කරගත් බව ද ඔහු සඳහන් කරයි.

අද(15) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේය.

එම යෝජනාවට අනුව සියලු පාක්ෂිකයන් අමතා ආධාර මුදල් හෝ ද්‍රව්‍ය එක්රැස් කිරීම සඳහා වහාම හදිසි වැඩපිළිවෙළක් සකස් කිරීමට තීරණය කළ බව ද එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජයසේකර මහතා අවධාරණය කර සිටියේය.

රජයට මෙම දේව සාපය වැදී ඇත්තේ සරත් ෆොන්සේකා මහතා බන්ධනාගාරගත කර ඇති නිසා බවත්, ඔහුට නිදහස ලබාදුන්නහොත් නැවත සාමකාමීව ජීවත්විය හැකි පරිසරයක් සැකසෙනු ඇති බව ද දයාසිරි ජයසේකර මහතා කියා සිටියේය.

Tuesday, January 11, 2011

තැපැල් ඡන්ද අයදුම් කිරීමේ දින ගණන දීර්ඝ කරයි


ඉදිරියේ පැවැත්වීමට නියමිත පළාත් පාලන ඡන්ද විමසීම සඳහා තැපැල් ඡන්ද අයදුම් කිරීමට අදාළව වෙන්ව ඇති සාමාන්‍ය දින ගණන දීර්ඝ කිරීමට මැතිවරණ කොමසාරිස්වරයා තීරණය කර තිබේ.

නාමයෝජනා දැන්වීම් පළ කළ දිනයේ සිට දින දහයක කාලයක් තැපැල් ඡන්ද අයදුම් පත් භාරගැනීමට සාමාන්‍යයෙන් වෙන්වන බව මැතිවරණ කොමසාරිස් දයානන්ද දිශානායක මහතා පවසයි.

එහෙත් අදාළ කාලසීමාව ප්‍රමාණවත් නොවන බැවින් තවත් දින කිහිපයකින් තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීමේ කාලසීමාව දීර්ඝ වනු ඇත.

මෙවර පළාත් පාලන මැතිවරණයේ නාමයෝජනා භාරගැනීමට අදාළ නිවේදනය පසුගිය 6 වැනිදා ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ අනුව ලබන 16 වැනිදායින් අවසන් වීමට නියමිත තැපැල් ඡන්ද භාරගැනීමේ කාල සීමාව මේ යටතේ දීර්ඝ වනු ඇත.

අවසන් වරට පැවති පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා භාවිත කර ඇත්තේ 2008 ඡන්ද හිමි නාමලේඛනය බැවින් එය මෙවර පැවැත්වෙන පළාත් පාලන මැතිවරණය සඳහා වලංගු නොවන බව ද මැතිවරණ ම‍හලේකම් කාර්යාලය පවසයි.

මේ හේතුවෙන් 2009 ඡන්ද හිමි නා‍මලේඛනය යටතේ තැපැල් ඡන්ද සඳහා අයදුම් කිරීමට කටයුතු කරන ලෙස මැතිවරණ මහලේකම් කාර්යාලය දැනුම්දෙයි.

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More