Time & Date in Sri Lanka

Monday, April 25, 2011

නීතියට පටහැණියි-විජේදාස රාජපක්ෂ, මූන්ට ලියයි

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයා විසින් පත් කළ උපදේශන කමිටුව විසින් ශ්‍රී ලංකාවට එරෙහිව වාර්තාවක් සකස් කිරීම එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තීන් උල්ලංඝණය කිරීමක් බව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

එක්සත් ජාතීන්ගේ මහලේකම් බැන්කී මූන් මහතා වෙත ලිපියක් යොමු කරමින් ඔහු අවධාරණය කර සිටින්නේ ජාත්‍යන්තර අපරාධ අධිකරණය සඳහා වූ රෝම ව්‍යවස්ථාවට ශ්‍රී ලංකාව පාර්ශවකරුවෙකු ලෙස අත්සන් කර නොමැති හෙයින් ශ්‍රී ලංකාවට ‍එරෙහිව යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් කිසිදු ආකාරයක පියවරක් ගැනීමට හැකියාවක් නොමැති බවයි.

මෙවැනි වාර්තාවක් සකස් කිරීම තුළින් මෙරට ජන කොට්ඨාසයන් අතර ගොඩනැගී ඇති සංහිඳියාව සහ ආර්ථික ස්ථාවර භාවය බිඳ වැටීමට හේතු විය හැකි බවත් එමඟින් ව්‍යවසනකාරී තත්ත්වයක් අනාගතයේ දී උද්ගත වුවහොත් එහි පූර්ණ වගකීම බැන්කී මූන් මහතා විසින් භාර ගත යුතු බව ද විජේදාස රාජපක්ෂ මහතා සිය ලිපියෙන් අවධාරණය කර තිබේ.

මේ අතර අදාළ උපදේශන කමිටු වාර්තාවට විරෝධය පළ කරමින් මහනුවර නගර මධ්‍යයේ අද දැවැන්ත උද්ඝෝෂණයක් පැවැත්වුණු අතර මහනුවර ඔරලෝසු කණුව අසළ ජෝර්ජ් ඊ ද සිල්වා උද්‍යානය අසළට රැස් වූ පිරිස විරෝධතා පාඨ ඇතුළත් බැනර් හා පෝස්ටර් ප්‍රදර්ශනය කරමින් මෙසේ උද්ඝෝෂණයේ නිරත වූ බව අද දෙරණ වාර්තාකරු පවසයි.

Saturday, April 23, 2011

එක්සත් ජාතීන්ගේ මහලේකම්ට විශේෂිත බලයක් නෑ

එක්සත් ජාතීන්ගේ මහලේකම් බැන්කී මූන් මහතා ‍පත්කළ ත්‍රිපුද්ගල කමිටුවේ වාර්තාව ශ්‍රී ලංකා රජය විසින් නිල වශයෙන් ප්‍රතික්ෂේප කර ඇතැයි ජනමාධ්‍ය හා තොරතුරු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

මහලේකම්වරයා සතුව විශේෂිත බලයක් නොමැති බව අමාත්‍යවරයා කියා සිටියේය.

ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතු සම්බන්ධයෙන් ඒකපාර්ශිකව කටයුතු කර ඇති ආදාළ කමිටුව මෙරට ස්වෛරීභාවය අභියෝගයට ලක්කර ඇති බව ද රඹුක්වැල්ල මහතා සඳහන් කරයි.

කෙසේ වෙතත් මෙවැනි අසාධාරණ ක්‍රියාදාමයන් හමුවේ ශ්‍රි ලංකාවේ මිත්‍රශීලි ර‍ටවල් මෙරටට සහය පළ කරමින් සිටින බව අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Tuesday, April 19, 2011

ශ්‍රී ලංකා -අ‍මෙරිකා සබඳතා ශක්තිමත් කිරීමට සියලුදෙනාගේ සහය අවශ්‍යයි

ශ්‍රී ලංකාව සහ අ‍මෙරිකාව අතර සබඳතා ශක්තිමත් කිරීම සඳහා සියලුදෙනාගේ සහය අවශ්‍ය බව අමෙරිකානු කොංග්‍රස් මණ්ඩල සභිකයින් කිහිපදෙනෙකු ප්‍රකාශ කර තිබේ.

වසර 30 ක් පුරා පැවති ත්‍රස්තවාදය නිමා කර දෙවසරක් ගෙවී යද්දි ශ්‍රී ලංකාව ලබා තිබෙන ප්‍රගතිය පිළිබඳ අවධානය යොමු කර ඊට සහය විය යුතු බව ඔවුන් පවසයි.

ශ්‍රි ලංකාව වෙනුවෙන් පත්කර සිටින කොංග්‍රස් මණ්ඩල සභිකයින් වන ක්‍රිස් වැන් හොලන් සහ රොබට් ඇඩහෝල්ට් සිය සහෘදයින්ගෙන් අදාළ ඉල්ලීම සිදුකර තිබෙන බව සඳහන්ය.

බහුපාක්ෂික සහ බහුවාර්ගික රටක් වශයෙන් ත්‍රස්තවාදය පරාජය කළ ශ්‍රී ලංකාව යළි ගොඩනැගෙමින් තිබෙන බව කොංග්‍රස් මණ්ඩල සභිකයින් වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

Monday, April 18, 2011

ජොනී නඩු මගට බසී

මෙරටට පිටි ආනයනය කරනු ලබන සමාගම් අතරින් සෙරන්ඩිබ් ආයතනය ඒකමතිකව පිටි මිල වැඩි කිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් නීතීමය ක්‍රියාමාර්ග ගන්නා බව සමූපකාර හා අභ්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

පාරිභෝගික ආරක්ෂක පනතේ 18 වගන්තිය යටතේ මෙලෙස නීතීමය ක්‍රියාමාර්ග ගන්නා බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

පාරිභෝගික කටයුතු අමාත්‍යාංශයේ අද(18) පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

මේ අතර භාණ්ඩ මිල ප්‍රදර්ශනය නොකරන නිෂ්පාදන සමාගම් වලට සහ අලෙවිකරුවන්ට එරෙහිව නීතීමය ක්‍රියාමාර්ග ගන්නා බව ද ජොන්ස්ටන් ප්‍රානාන්දු අමාත්‍යවරයා එහි දී ප්‍රකාශ කළේය.

Saturday, April 16, 2011

වැටුප් ප්‍රශ්නය ලිහන්න විශ්ව විද්‍යාල ආචාර්යවරුන් හෙට එස්.බී හමුවෙයි වැටුප් ප්‍රශ්නය ලිහන්න විශ්ව විද්‍යාල ආචාර්යවරුන් හෙට එස්.බී හමුවෙයි

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වැටුප් අර්බුදය සම්බන්ධයෙන් හෙට උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා සමග විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන බව විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසයි.

හෙට පැවැත්වෙන සාකච්ඡාවේ දී සිය ගැටලුව සඳහා යහපත් ප්‍රතිචාරයක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බව එම සම්මේලනයේ සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා සදහන් කළේ ය.

කෙසේවුවත් ලබන 9 වැනිදා සිට ස්වේච්ඡා තනතුරුවලින් ඉවත්වීමට ගෙන ඇති වෘත්තීය ක්‍රියාමාර්ගයෙහි කිසිදු වෙනසක් සිදුනොවන බවද ඔහු අවධාරණය කර සි‍ටියේය.

වැටුප් වැඩිවීම‍ට අදාළව චක්‍රලේඛයක් නිකුත් කරන තුරු අදාළ වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More