Time & Date in Sri Lanka

Friday, September 30, 2011

පුනරුත්ථාපනය වූ හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් පිරිසක් යළි සමාජයට

එල්.ටී.ටී.ඊ. සාමාජිකයින්ව සිටි පිරිසක් පුනරුත්ථාපනය කිරීමෙන් පසු යළි සමාජ ගත කිරීම අද(30) සිදුකෙරුණි. මෙලෙස සමාජ ගත කෙරුණු පිරිසට තරුණ තරුණියන් 1800 දෙනෙකු ඇතුළත්ය. එම පිරිස ඔවුන්ගේ මව්පියන් වෙත බාර කිරීම අරලියගහ මන්දිරයේදී අද සිදුකෙරුණි. නව ජීවිතයක් ආරම්භ කිරීම සඳහා අදාළ පිරිසට දැන් අවස්ථාව උදා වී ඇති බව ඒ වෙනුවෙන් පැවති උත්සවයට එක්වෙමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේය. එම අවස්ථාවෙන් නිසි ප්‍රයෝජන ගත යුතු බවට ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය. ...

Thursday, September 22, 2011

බලය නොලැබුණොත් ජ.වි.පෙ කැරලිකාරීන්ගෙන් ස්වාධීන ගමනක්..?

ජනතා විමුක්ති පෙරමුණේ කැරලිකාර කණ්ඩායමට පක්ෂයේ බලය නොලැබුණහොත් එම පිරිස ස්වාධීන විප්ලවවාදී පක්ෂයක් ලෙස දේශපාලන කටයුතු අඛණ්ඩව කරගෙන යනු ඇති බව පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග කියා සිටියි. එසේ වුවද පක්ෂය තුළ මෙන්ම පිටතද අවසන් මොහොත දක්වාම සිය බලය උරගා බලන්නට ඔවුන් තීරණය කර තිබේ. ජාතික ප්‍රශ්නය හා සන්ධාන දේශපාලනය පිළිබඳ ජනතා විමුක්ති පෙරමුණ දෙකඩවීමත් සමග එක් කණ්ඩායමක් අධිකරණමය ක්‍රියා මාර්ගයක් ගැනීමට සූදානම් වන බව කියැවෙයි. සෝමවංශ අමරසිංහ මහතාගේ නායකත්වයෙන් යුතු සන්ධාන දේශපාලනය පිළිගන්නා කණ්ඩායමට අයත් වන්නේ ප්‍රසිද්ධියේ පෙනී සිටින ජ.වි.පෙ නායකයන්ය. සන්ධාන දේශපාලනය ප්‍රතික්ෂේප කරමින් විප්ලවවාදී දේශපාලන පක්ෂයක් ලෙස ඉදිරියට ගමන් කළ යුතු බව පවසා සිටින්නේ ජ.වි.පෙ අභ්‍යන්තර නායකයකු ලෙස පෙනී සිටි කුමාර ඇතුළු පිරිසයි. මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ ලියාපදිංචි නාම ලේඛනයට අනුව...

Saturday, September 17, 2011

Sri Lanka Telecom අන්තර්ජාල [Broadband] ගාස්තු අඩු කරයි...

ශ්‍රි ලංකාවෙ ප්‍රධානතම සන්නිවේදන සේවා සැපයුම් කරුවන Sri Lanka Telecom අන්තර්ජාල ගාස්තු පහල දමා ඇත [Broadband] .. ගාස්තු පහල දැමීම සමගම විශේශ සේවාවන් කිහිපයක්ද එක්කර ඇත... Broadband Packages Volume Based Packages With Entrée and new exciting PLUS packages, now you can surf the internet with super speed for a lesser price Package Name Speeds (Download/ Upload) Free Usage (GB per month) Startup Fee (Rs.) Usage Charge (Rs.) Charge for each additional 1MB (Rs.) Remarks Special Offer Entrée 1Mbps/ 128Kbps 1.5 500 500 00.35 Maximum limit is Rs.3,500 Speed will reduce to 64 Kbps after threshold limit...

Friday, September 16, 2011

දකුණු අධිවේගී මාර්ගය විවෘත කිරීමේ දිනය ගැන තවම තීරණයක් නෑ

දක්ෂිණ අධිවේගී මාර්ගය විවෘත කරන දිනය සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව වරාය මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය නිර්මල කොතලාවල මහතා පවසයි.අදාළ මාර්ගය මෙම වසර ඇතුළත විවෘත කිරීමට අපේක්ෂා කරන බව ඔහු සඳහන් කරයි.එම මාර්ගයේ ඉදිකිරීම් අවසන් කර ඇති නමුත් ඊට අදාළ සහය සේවාවන්ට අදාළ ඉදිකිරීම් සහ යටිතල පහසුකම් සකස් කිරීම සිදුකරමින් පවතින බව නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වාදෙයි.අදාළ සියලු ඉදිකිරීම් අවසන් වීමෙන් අනතුරව දක්ෂිණ අධිවේගී මාර්ග‍ය විවෘත කෙරෙන බව ඔහු පවසයි.සැප්තැම්බර් මාස‍ය වන විට එම මාර්ගය විවෘත කිරීමට මීට පෙර සැලසුම් කර තිබුණ...

Saturday, September 10, 2011

ගංජා තොගයක් ගෙන ගිය සුරාබදු ස්ථානාධිපති අත්අඩංගුවට

ගංජා තොගයක් ප්‍රවාහනය කරමින් සිටි හම්බන්තොට සුරාබදු කාර්යාලයේ ස්ථානාධිපතිවරයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.තණමල්විල, උඩවලව ප්‍රදේශයේ මාර්ග බාධකයක දී කැබ් රථයක් පරීක්ෂා කළ පොලිස් නිලධාරීන් විසින් මෙම ගංජා ‍තොගය සොයාගෙන ඇති බව සඳහන්ය.කැබ් රථයේ තිබී ගංජා කුඩු කිලෝග්‍රෑම් 111 ක් සහ වියළි ගංජා කිලෝග්‍රෑම් 131ක් ද ‍සොයාගත් බව පොලිසිය පවසයි.මොණරාගල පොලිසියේ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.ගංජා තොගය ප්‍රවාහනය කළ බවට සැකකෙරෙන හම්බන්තොට සුරාබදු කාර්යාලයේ ස්ථානාධිපතිවරයා හම්බන්තොට, සිරිබෝපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව අනාවරණය වී තිබේ.&nbs...

Tuesday, September 6, 2011

දැයට කිරුළට ජලය දෙන්න විශේෂ වැඩසටහනක්

ලබන වසරේ අනුරාධපුරයේ පැවැත්වෙන දැයට කිරුළ ප්‍රදර්ශනය සඳහා අවශ්‍ය ජල පහසුකම් ලබාදීමට වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍යාංශය විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබේ.මේ යටතේ කලා‍වැවේ සිට කිලෝමීටර 4ක දිගින් යුත් ඇළ මාර්ගයක් සකස් කර ජල සම්පාදන මණ්ඩලයේ ආධාරයෙන් එම ජලය පිරිසිදු කර බෙදා හැරීමට පියවර ගන්නා බව අමාත්‍යාංශය පවසයි.මෙම වැඩසටහනට සමගාමීව ප්‍රදේශයේ තවත් වැව් 5ක් ප්‍රතිසංස්කරණය කිරීමට ද පියවර ගෙන ඇත.ඒ සදහා රුපියල් මිලියන 50ක මුදලක් වැය කරන බව වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍යාංශය පවසයි.&nbs...

Friday, September 2, 2011

අල්ලස් ගත් දිස්ත්‍රික් කළමනාකරු රිමාන්ඩ්

අල්ලස් චෝදනා මත අත්අඩංගුවට ගත් මධ්‍යම පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ මහනුවර දිස්ත්‍රික් කළමනාකාරවරයා ලබන 16 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.බස් රථයක මාර්ග බලපත්‍රයක හිමිකාරීත්වය ලබාදීම සඳහා රුපියල් දස දහසක මුදලක් අල්ලස් වශයෙන් ලබාගැනීමේ දී අත්අඩංගුවට ගත් බව සැකකරු සම්බන්ධයෙන් අල්ලස් කොමිසම, අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින් සඳහන් කර ඇත.අදාළ මුදල මධ්‍යම පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපතිවරයාට දිය යුතු බව පවසමින් ලබාගෙන ඇති බව ද අල්ලස් කොමිසම අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබේ.ඉදිරිපත් වූ කරුණු සලකා බැලු මහේස්ත්‍රාත්වරයා සැකකරු ලබන 16 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට සහ එදිනට පරීක්ෂණවල...

Thursday, September 1, 2011

ටෙලිකොම් දත්ත ගබඩාවට ඇතුළු වී දත්ත වෙනස් කිරීම -පරීක්ෂණ අරඹයි

ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ පරිගණක දත්ත ගබඩාවට අයුතු ලෙස ඇතුළු වී දත්ත වෙනස් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බව රහස් පොලිසිය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ.ටෙලිකොම් සමාගම විසින් කරන ලද පැමිණිල්ලකට අනුව රහස් පොලිසිය මෙම පරීක්ෂණ ආරම්භ කර ඇති බව සඳහන්ය.මේ සම්බන්ධයෙන් ගම්පහ ප්‍රදේශයේ සැකකරුවෙකු අත්අඩංගුවට ‍ගෙන ඇති අතර ඔහු රුපියල් ලක්ෂයක ඇප මත මුදා හැර ඇති බව පොලිසිය අධිකරණයට දන්වා ඇත.සැකකරු ටෙලිකොම් පරිගණක දත්ත ගබඩාවට අයුතු ලෙස ඇතුළු වී එම දත්ත වෙනස් කර එම ආයතනයේ සේවා බලාපොරොත්තු නොවන ආයතනවලට ද එහි සේවාවන් ලබාගැනීමට අවස්ථාව සලසා ඇති බව පොලිසිය ලබාදුන් වාර්තාවේ සඳහන්ය.අදාළ සැකකරුට ලබන 26 වැනිදා අධිකරණයට ඉදිරිපත් වන‍ ලෙස නියෝග...

Pages 291234 »
Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More