Time & Date in Sri Lanka

Tuesday, July 12, 2011

විදුලිය කප්පාදු නෑ..!හදිසි බිඳවැටීම් දහසකට අධිකයි..!පාඩුව බිලියන 16 ට වැඩියි..!

මේ වසර තුළ විදුලිබල මණ්ඩලයේ බිලියන 16 ක පමණ පාඩුවක් බලාපොරොත්තු විය හැකි බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි. 

පසුගිය දිනවල සිදුවූ විදුලි විසන්ධි කිරීම් නිසා මෙම පාඩුව තවත් වැඩිවිය හැකි බවත්, විදුලි කප්පාදු කිරීමක් සිදු නොකළක් හදිසි විසන්ධි කිරිම් සිදුවූ බවත්,ඒ බව කලින් දැනුම් නොදුන්නේ එකී විසන්ධි කිරීම් දිගු කාලීන නොවන නිසා බැවින් යයි හෙතෙම කියා සිටියේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය. 

මේවන විටත් එවැනි විදුලි කප්පාදු කිරීමක් සිදුනොවන බවත්,අවශ්‍ය වුවහොත් ඒ බව කලින් දැනුම්දීමක් කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය. 

එසේ වුවද ගස් කඩාවැටීම්,සතුන් ගේ ක්‍රියාවන්,ට්‍රාන්ස් පෝමර් ගැටලු ආදිය නිසා දිනකට හදිසි විදුලි බිඳවැටීම් දහසකට අධික වාරයක් සිදුවිය හැකි බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. 

රාත්‍රී 6.30-9.30 දක්වා පැය 3 ක කාලය තුළ වැඩි වශයෙන් විදුලි පරිභෝජනයක් සිදුවන බැවින් එකී කාලය තුළ විදුලිය අරපිරිමැස්මෙන් යුතුව පරිහරණය කළ යුතු බවත්,කවුරු කාටුන් ඇන්දත් මඩ ප්‍රහාර එල්ල කළත් යළි විදුලිය කප්පාදු කිරීමක් සිදුනොවන බවත් චම්පික රණවක මහතා අවධාරණය කළේය. 

0 comments:

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More