Time & Date in Sri Lanka

Monday, July 4, 2011

කරූ සාක්ෂි දීම අරඹද්දී විදුලිය විසන්ධි වෙයි

විදුලි බලය ඇන හිටීම නිසා සුදු කොඩි ප්‍රකාශය පිළිබඳ නඩු විභාගය හෙට(05) දිනට කල් තැබීමට කොළඹ මහාධිකරණය අද(04) තීන්දු කර තිබේ. 


එම නඩුව අද කැඳවූ අවස්ථාවේ දී විත්තිය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කරූ ජයසූරිය මහතා සාක්ෂී දීම ආරම්භ කළ අතර එම අවස්ථාවේ විදුලිය විසන්ධි වීම සිදුවිය. 

රුපියල් ලක්ෂයක් වැය කොට වාහන නැවැත්වීමේ අංගනයක් සකස් කරද්දී මෙවැනි මූලික අවශ්‍යතා පිළිබඳ අවධානය යොමු නොකිරීම කණගාටුදායක බව මේ ආකාරයෙන් වරින් වර විදුලි බලය විසන්ධි වීම පිළිබඳ චෝදනා එල්ල කළ විනිසුරු ඩබ්ලිව්.එම්.ජී.බී වරාවැව මහතා කියා සි‍ටියේය.

මේ හේතුවෙන් විනිසුරුවරු මෙන්ම ජනතාව ද අපහසුතාවට පත්වන බවත් මේ සම්බන්ධයෙන් බලධාරීන්ගේ අවධානය යොමු කිරීම ඉතා වැදගත් බවත් විනිසුරුවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

ඒ අනුව නඩු විභාගය හෙට දිනට කල් තැබුණු අතර හෙට දින කරු ජයසූරිය මහතා වැඩිදුරටත් සාක්ෂි දීමට නියමිතය.

0 comments:

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More