Time & Date in Sri Lanka

Monday, July 18, 2011

බොරු ප්‍රචාරවලට රැවටෙන්න එපා-ජනපති යාපනයේ ජනයාට කියයි

බොරු ප්‍රචාරවලට නොරැවටී රට ඉදිරියට ගෙනයාමේ වගකීම නිසි ලෙස ඉටුකළ යුතු කාලය එළඹ ඇති බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඇතැමුන් බොරු ප්‍රචාර ගෙනයමින් ජනතාව නොමග යවමින් සිටින බව ජනාධිපතිවරයා කියා සිටියේ අද(18) පස්වරුවේ යාපනයේ කයිට්ස් හි වෙල්ලනෙයි ක්‍රීඩාංගණයේ පැවැති ජනහමුවක් ආමන්ත්‍රණය කරමිනි. 

යාපනය ප්‍රදේශයේ ජනතාව නොමග යවන ඇතැමුන් ගේ දරුවන් විදේශ රටවල සුවසේ ජීවත්වන බවත්,රට ගැන හැඟීමක් ඇත්තේ මෙරට සිටින සහෝදර ජනතාවට පමණක් බවත් ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය. 

මෙවර පළාත් පාලන මැතිවරණයේදී මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයට අදාළව යාපනය හා කිලිනොච්චි දිස්ත්‍රීක්ක ආවරණය වන පරිදි පැවැත්වෙන ජනහමු මාලාවක පළමු ජන හමුවට සහභාගීවෙමින් ජනාධිපතිවරයා මෙම කරුණු සඳහන් කළේය. 

පළාත් පාලන මැතිවරණයේ අති බහුතරයක් පළාත් පාලන ආයතනවල බලය පවතින්නේ වත්මන් රජයට බව සිහිපත් කළ මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ 2/3ක බලයක් පවතින,විධායක ජනාධිපතිවරයෙකු අයිතිවන ශක්තිමත් රජයකට සහය ලබාදීම වැදගත් බව පෙන්වාදුන්නේය. 

තමන් ජනතාවගේ මිත්‍රයෙකු වන බවත්,ඥාතියෙකු වන බවත් කියන දේ කරන,කරන දේ කියන නායකයෙකු බවත්,සියලුදෙනා එක්වී මේ රට ගොඩනැඟිය යුතු බවත් ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළේය. 

යුද්ධයෙන් පසුව උතුරු නැගෙනහිර ප්‍රදේශවල සිදුකෙරෙමින් පවත්නා සංවර්ධනය පිළිබඳ ජනාධිපතිවරයා ද්‍රවිඩ භාෂාවෙන් කරුණු පැහැදිලිකිරීම් කළ බව අද දෙරණ වාර්තාකරු සඳහන් කරයි.




DON’T BE MISLED BY FALSE STATEMENTS, PRESIDENT SAYS IN KAYTS





0 comments:

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More