Time & Date in Sri Lanka

Tuesday, July 26, 2011

ටී.එන්.ඒ දේශපාලනඥයා ඊ.පී.ඩී.පී ආධාරකරුට පහරදීලා

යාපනය,වලිකාමම් උතුරු ප්‍රාදේශීය සභාවට තේරීපත් වූ ද්‍රවිඩ ජාතික සන්ධානයේ සජීවන් නමැති අය‍ගේ කණ්ඩායමක් තම ආධාරකරුවෙකුට පහර දී ඇතැයි ඊ.පී.ඩී.පී සංවිධානය පවසයි.

පසුගිය පළාත් පාලන මැතිවරණයේදී වලිකාමම් උතුරු ප්‍රාදේශීය සභාවට ඊ.පී.ඩී.පී සංවිධානය නියෝජනය කරමින් එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ තරගවැදුණු දයාපාලන් නමැති අපේක්ෂකයාගේ සොයුරෙකු වන චන්ද්‍රබාලන් නමැති අයට මෙම පහරදීම සිදුකර ඇති බව ඊ.පී.ඩී.පී විසින් නිකුත් කළ නිවේදනයක දැක්වේ.

අද යාපනය පන්නාලෙයි හි පවත්නා චන්ද්‍රබාලන්ගේ වෙළඳසැලට කඩාවැදුණු සජීවන් ඇතුළු තිදෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ඔහුට පහරදී වෙළඳසැලට දැඩි අලාභ හානි කර ඇති බව සඳහන් වේ.

එහිදී මෙසේ පහරදීමට පැමිණි ද්‍රවිඩ ජාතික සන්ධානයේ ප්‍රාදේශීය දේශපාලනඥයා ඇතුළු තිදෙනා ප්‍රදේශවාසීන් විසින් අල්ලා තෙල්ලිපලෙයි පොලීසියට භාරදී ඇති බවත්,තුවාල ලැබූ තම ආධාරකරු තෙල්ලිපලෙයි රෝහලට ඇතුළත් කළ බවත් ඊ.පී.ඩී.පී විසින් නිකුත් කළ නිවේදනයෙන් වැඩිදුරටත් පැවසෙයි. 

0 comments:

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More