ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර මෑතකදී යළි ආරම්භ කෙරුණු නෞකා සේවය ඉන්දියාවේ රැදී සිටින ශ්‍රී ලාංකික සරණාගතයින් මෙරටට පැමිණීම කඩිනම් කිරීමට හේතුවක් වනු ඇතැයි එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලයේ නියෝජිතයෙකු පවසයි.
ඉන්දියාවේ රැදී සිටින ශ්‍රී ලාංකිකයින් මෙරටට පැමිණීමේ ක්‍රමික වර්ධනයක් දැකිය හැකි බව එම කොමසාරිස් කාර්යාලයේ මෙරට නියෝජිත මයිකල් ස්වැක් පෙන්වාදෙයි.
ඉදිරි හය මස තුළ එය තවදුරටත් ඉහළ යනු ඇති බවට ඔහු විශ්වාසය පළ කරයි.
වසර 20 ට පසුව තූත්තුකුඩි සහ කොළඹ වරාය අතර අදාළ නෞකා සේවය ඉකුත් ජූලි මස ආරම්භ කෙරුණි.
එක්සත් ජාතීන්ගේ වාර්තාවලට අනුව ශ්‍රී ලාංකික සරණාගතයින් එක් ලක්ෂ 41,000 ක් පමණ විදේශ රටවල රැදී සිටින අතර ඉන් බහුතරය ඉන්දියාවේ රැදී සිටින බව සඳහන්ය.
0 comments:
Post a Comment