ජාත්‍යන්තර වශයෙන් ඉතා දුෂ්කර අවස්ථාවකට පත්ව සිටින තත්ත්වයක් හමුවේ වගකිව යුතු විපක්ෂයක් ලෙස රටට ප්‍රමුඛත්වය ලබාදීමට කැපවන බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් අද(03) පාර්ලිමේන්තුවේ දී සඳහන් කළේය.
පක්ෂග්‍රාහී දේශපාලන වාසි සඳහා තමා ක්‍රියා නොකරන බව ඔහු අවධාරණය කළේය.
එවැන්නක් සඳහා ගෙවීමට සිදුවන වන්දිය ඉතා විශාල බව පවසන විපක්ෂ නායකවරයා අභියෝගයක් විය හැකි කරුණක් හමුවේ එක්සත්ව හා අභිමානවත්ව එයට මුහුණ දිය යුතු බව පවසයි.
විද්වත් කමිටු වාර්තාව ප්‍රසිද්ධියට පත්කර ඒ සඳහා ජගත් මහලේකම්වරයා එහි නිර්දේශ ක්‍රියාවට නංවමින් සිටින පසුබිමක අදාළ වාර්තාවට ශ්‍රී ලංකා රජය දැඩි ලෙස ප්‍රතිචාර දැක්විය යුතු බව වික්‍රමසිංහ මහතා පෙන්වාදෙයි.
ජාත්‍යන්තර ප්‍රජාව ඉදිරියේ නැගී සිටීමේ ප්‍රධාන සාධකය ජාතික සමගිය බව ද විපක්ෂ නායකවරයා මෙහිදී අවධාරණය කළේය.
0 comments:
Post a Comment