Time & Date in Sri Lanka

Tuesday, May 31, 2011

වැඩකරන ජනතාව නිහඩව බලා සිටි කාලය අවසන්


මෙරට වැඩකරන ජනතාව නිහඩව බලා සිටි කාලය මේ වන විට අවසන්ව ඇතැයි එක්සත් ජාතික පක්ෂය පවසයි.

පාර්ලිමේන්තුවේ බහුතර බලයකින් යම් පනතක් සම්මත කරගැනීමට පමණක් රජයට හැකි බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝශප් මයිකල් පෙරේරා මහතා ප්‍රකාශ කළේය.

නමුත් එකී පනත මගින් මෙරට වැඩකරන ජනතාවට යම් අහිතක් සිදුවන්නේ නම් ඔවුන් ඊට එරෙහිව අරගලයට පිවිසීම වැළැක්විය නොහැකි බව මන්ත්‍රීවරයා පෙන්වාදෙයි.

ඊයේ(30) කටුනායක විරෝධතාවයට එල්ල වූ ප්‍රහාරය හෙළා දකිමින් කොළඹ දී අද(31) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ජෝශප් මයිකල් පෙරේරා මන්ත්‍රීවරයා මේ අදහස් පළ කළේය. 

0 comments:

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More