මෙරට කර්මාන්තකරුවන් සහ අපනයනකරුවන් මුහුණ දෙන ගැටලු විසඳීම සඳහා විශේෂ ඒකකයක් පිහිටුවීමට සැලසුම් කර තිබේ.
කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය සහ අපනයන සංවර්ධන මණ්ඩලය එක්ව මෙම ඒකකය පිහිටුවන බව අමාත්‍ය රිෂාද් බදියුදීන් මහතා ප්‍රකාශ කළේය.
මෙම ඒකකයේ කටයුතු සඳහා අදාළ අනෙකුත් අමාත්‍යාංශ වාණිජ මණ්ඩලය නිෂ්පාදකයින්ගේ සහ අපනයකරුවන්ගේ සංගම් හා රේගුව වැනි ආයතන සම්බන්ධ කර ගැනීමට ද අපේක්ෂිතය.
ජූනි මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත මෙම විශේෂ ඒකකය මගින් අපනයන ඉලක්ක කර ගත් කර්මාන්ත වලට ප්‍රමුඛත්වය ලබා දෙන අතර සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ගේ ගැටලු සඳහා ද විශේෂ අවධානයක් යොමු කරන බව අමාත්‍යවරයා සදහන් කළේය.
0 comments:
Post a Comment