වෘත්තීය ක්‍රියා මාර්ගයකට අවතීර්ණ වී සිටින විශ්ව විද්‍යාල ආචාර්යවරුන් සම්බන්ධයෙන් තොරතුරු ලබා දෙන ලෙසට ඒ ඒ විශ්ව විද්‍යාල වල උපකුලපතිවරුන්ට මේ වන විට දැනුම් දී ඇතැයි විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව පවසයි.
මෙම වෘත්තීය ක්‍රියා මාර්ගය කිසි විටෙකත් අනුමත නොකරන බව එම කොමිසන් සභාවේ සභාපති මහාචාර්ය ගාමිණි සමරනායක මහතා සඳහන් කළේය .
ආචාර්යවරුන් පවසන ආකාරයේ ස්වේච්ඡා තනතුරු කිසිසේත් විශ්ව විද්‍යාලය තුළ නොපවතින බව ගාමිණි සමරනායක මහතා කියා සිටියේය.
තනතුරු වලින් ඉවත්වීමට ආචාර්යවරුන් ක්‍රියා කර ඇත්නම් නව චක්‍රලේඛයට අනුව ඔවුන්ට එරෙහිව ක්‍රියා මාර්ග ගන්නා බව ඔහු වැඩිදුරටත් පෙන්වාදුන්නේය.
0 comments:
Post a Comment