දරුස්මාන් වාර්තාව මෙරට ව්‍යාවස්ථාවට මෙන්ම එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට පටහැනිව සකස් වූවක් බව ශ්‍රී ලංකා නිතීඥ සංගමය පවසයි.
මෙම වාර්තාව සකස් කිරීමට යෝජනා කළ අවස්ථාවේ දී පවා සිය සංගමය ඊට විරෝධය පළ කළ බව එම සංගමයේ ලේකම් ජ්‍යෙෂ්ඨ නීතීඥ මහින්ද ලොකුගේ මහතා සඳහන් කළේය.
අදාළ වාර්තාවට නීතිමය වලංගුතාවයක් නොමැති බැවින් ඊට විරෝධය පළ කිරීමට සිය සංගමයේ නීතීඥවරුන් අද(07) ඒකමතිකව තීරණය කළ බව ඔහු කියා සිටියේය.
නීතීඥ මහින්ද ලොකුගේ මහතා මේ අදහස් පළ කළේ කොළඹ දී අද(07) පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.
දරුස්මාන් වාර්තාවට විරෝධය පළ කරමින් සිය සංගමය විසින් සකස් කළ යෝජනා ජනාධිපතිවරයාට, පක්ෂ නායකයින්ට, තානාපතිවරුන්ට මෙන්ම එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාට බාරදීමට කටයුතු කරන බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
0 comments:
Post a Comment