2010 ඡන්ද හිමි නාමලේඛනය යටතේ කල් දැමූ පළාත් පාලන ආයතනවල මැතිවරණය පැවැත්වීමට තීරණය කිරීම යහපත් ප්‍රවණතාවක් බව කැෆේ සංවිධානය පවසයි.
2009 වර්ෂයට සාපේක්ෂව 2010 වර්ෂයේ දී විශාල පිරිසක් ඡන්ද හිමි නාමලේඛනයට ඇතුළත් වී ඇති බව එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා සඳහන් කරයි.
ඒ හේතුවෙන් ඡන්දය භාවිත කරන පිරිස වැඩිවන බව කීර්ති තෙන්නකෝන් මහතා පෙන්වා දෙයි.
පසුගිය යුධ ගැටුම් පැවති කාලය තුළ යාපනය සහ කිලිනොච්චි ප්‍රදේශවල ඡන්ද හිමිනාමලේඛන වලට සිය නම් ඇතුළත් කර ගැනීමට බොහෝ පිරිසකට නොහැකි වූ බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
එහෙත් 2010 වර්ෂයේ ඡන්ද හිමි නාමලේඛනය යටතේ එම ප්‍රදේශවල විශාල පිරිසකට ඡන්දය භාවිත කිරීමට අවස්ථාව උදාවී ඇති බව කීර්ති තෙන්නකෝන් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
0 comments:
Post a Comment