ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානී ඩොමිනික් ස්ට්‍රව්ස්ගෙන් නිව්යෝර්ක් පොලිසිය විසින් ප්‍රශ්න කර ඇතැයි විදෙස් මාධ්‍ය උපුටා දක්වයි.
ඔහුට එරෙහිව ඉදිරිපත්ව ඇති ලිංගික අතවර චෝදනාවක් ඊට හේතුව බව සඳහන් වේ.
ඔහු නිව්යෝර්ක් හී රැඳී සිටි හෝටලේ සේවිකාවක විසින් මේ සම්බන්ධයෙන් පැමිණිලි කර ඇති බව අමෙරිකානු මාධ්‍ය වාර්තා කරයි.
මූල්‍ය අරමුදලේ ප්‍රධානීයා පැරීසිය බලා පිටත්ව යාමට ජෝන් එෆ් කෙනඩි ගුවන් තොටුපලේ ප්‍රංශ ගුවන් සේවයට අයත් යානයක රැඳී සිටිය දී ප්‍රශ්න කිරීම සඳහා රැගෙන ගොස් තිබේ.
කෙසේ වෙතත් ඔහුට එරෙහිව පොලිසිය විසින් මෙතෙක් චෝදනා ඉදිරිපත් කර නොමැති බව වේ.
ඔහුගෙන් ප්‍රශ්න කිරීම් සිදු කෙරෙමින් පවතින අතර සිද්ධිය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙතෙක් කිසිදු ප්‍රකාශයක් සිදු කර නැත.
0 comments:
Post a Comment